ජනපතිගේ ආරාධනයෙන් තායිලන්ත අගමැති අද දිවයිනට

Published in පුවත්
Saturday, 03 February 2024 10:33

තායිලන්ත අග්‍රාමාත්‍ය සෙට්ඨා තව්සින් නිල සංචාරයක් සඳහා අද (03) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ, හෙට පැවැත්වෙන 76 වැනි නිදහස් සමරු උත්සවයේ ආරාධිතයා වශයෙන් සහභාගිවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරාධනයෙන් තායිලන්ත අග්‍රාමාත්‍යවරයා දිවයිනට පැමිණෙන බවයි.

මෙම සංචාරය අතරතුර තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග නිල සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාවට එක්වීමටද නියමිතව තිබේ.

තායිලන්තයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ එරට වාණිජ අමාත්‍ය ෆූම්තාම් වෙචයචායි සහ ශ්‍රී ලංකාවේ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු යන මහත්වරුන් නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් කරනු ඇති.

දෙරට අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා වර්ධනය කිරීම ශ්‍රී ලංකා-තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමෙන් අපේක්ෂිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ ය.

එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ මීට අමතරව, දෙරට අතර පවතින ගුවන් සේවා ගිවිසුම අලුත් කිරීමට දෙපාර්ශ්වය අපේක්ෂා කරන අතර ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය සහ තායිලන්ත මැණික් හා ස්වර්ණාභරණ ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට ද නියමිත බවයි.

මෙම නිල සංචාරය සඳහා තායිලන්ත අග්‍රාමාත්‍යවරයා, තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා, නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා, මෙන්ම ඉහල පෙලේ ව්‍යාපාරිකයින් ඇතුළු 39 දෙනෙකුගෙන් සමන්විත නියෝජිත පිරිසක් පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ය.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us