Google සමාගම නිදහස වෙනුවෙන් මුල් පිටුව වෙනස් කරයි

Published in පුවත්
Sunday, 04 February 2024 13:51

ගූගල් සමාගම විසින් සිය මුල් පිටුව ශ්‍රී ලංකා ජාතික කොඩියෙන් අද (04) සරසා තිබෙනු දැක ගත හැකියි.

ඒ් අනුව ශ්‍රී ලංකාවේ 76 වැනි නිදහස් දින සැමරුම වෙනුවෙන් Google වචනයට ඉහළින් අහස ශ්‍රී ලංකා ජාතික ධජය ලෙලදෙන අයුරු දක්වා ඇත.

විවිධ රටවල ඓතිහාසික අවස්ථාවන් සනිටුහන් කිරීම සඳහා ගූගල් වරින් වර එහි ඩූඩලය වෙනස් කරයි.

ඒ අනුව, පරිශීලකයාට ශ්‍රී ලංකාවේ google.lk සහ google.com මුල් පිටු නැරඹිය හැකිය.

1996 දී ඇමෙරිකාවේ ස්ටැන්ෆර්ඩ් සරසවියේ ලැරී පේජ් හා සර්ජි බින් යන ආචාර්ය උපාධි අපේක්ෂකයන් දෙදෙනා ‘ස්ටැන්ෆර්ඩ් ඩිජිටල් පුස්තකාල ව්‍යාපෘතිය‘ වෙනුවෙන් සැකසූ වාර්තාවකින් ගූගල් බිහි විය. ඒ අනුව 1998 සැප්තැම්බර් 4 වැනිදා ගූගල් සමාගම නිල වශයෙන් ආරම්භ විය.

ගූගල් යන නම ලැබී ඇත්තේ ද ‘ගෝගල්‘ (10100) (අංක එකට පසු බින්දු සියයක්) යන නමේ අකුරු වැරදියට ලිවීමෙනි.

එසේම ලොව අංක එකේ සෙවුම් යන්ත්‍රය වන ගුගල් සෙවුම් යන්ත්‍ර සේවාව විසින් පවත්වාගෙන යන doodle සේවාව ඔස්සේ ශ්‍රී ලංකාවේ 76 වන නිදහස සංකේතවත් කොට තිබේ.

ගුගල් doodle යනු ගුගල් සෙවුම් යන්ත්‍රයේ සලකුණ වෙනුවට වැදගත් දිනයන් හා උත්සව අවස්තාවන් වලදී ගුගල් සලකුණ එයට ගැලපෙන ආකාරයෙන් සකස් කරන්නාවූ සේවාවකි.

එහිදී අපට ගුගල් වෙත වැදගත් අවස්තාවන් දිනයන් පිලිබඳ යෝජනා කල හැකි අතර ඔවුන් ඒවා සලකා බලා එයට ගැලපෙන නිර්මාණයක් සිදුකොට doodle ලෙසින් අන්තර්ජාලයට මුදාහරිනු ලබයි

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us