ජනාධිපතිවරණයත් මහ මැතිවරණයත් මේ වසරේදී - බන්දුල කියයි

Published in පුවත්
Tuesday, 06 February 2024 15:07

මේ වසරේදී ජනාධිපතිවරණය හා මහ මැතිවරණය පැවැත්වෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.


ඔහු මේ බව පැවසුවේ,අද දින කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

ජනාධිපතිවරණය හා මහ මැතිරණය පැවැත්වීම සඳහා 2024 වර්ෂය සඳහා වන අයවැය ඇස්තමේන්තුවෙන් වෙන්කර ඇති මැතිවරණ සඳහා වන රුපියල් බිලියන 10යෙන් මුදල් කළමනාකරණය කර ගැනීමට සිදුවන බවට ද අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමුව තිබේ.

ඊට අදාළව අමාත්‍ය මණ්ඩලය සිය එකඟතාව ලබාදී ඇත්තේ, ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක් මත පදනම්වයි.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ වූයේ රජයේ පවත්නා සීමිත මූල්‍ය අවකාශය තුළ පළාත් සභා මැතිවරණය හා පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් 2025 වසර සඳහා වන අයවැය මගින් ලබාදීමට සිදුවන බවට අමාත්‍ය මණ්ඩලයේ නිරීක්ෂණයට ලක්ව ඇති බවයි.

කෙසේ වුව ද එම මැතිවරණ දෙක පැවැත්වීමට ප්‍රථම පරීක්ෂණ කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කිරීමට නියමිත නිර්දේශ මත පදනම්ව, අවශ්‍ය වන්නේ නම් අදාළ මැතිවරණ නීති සංශෝධනය සඳහා වන සංශෝධන පාර්ලිමේන්තුවේ අනුමැතිය මත හඳුන්වා දිය යුතු බව ද අමාත්‍ය මණ්ඩලය වැඩිදුරටත් සැලකිල්ලට ලක්කර තිබේ.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us