මෙල්බර්න් සිට ශ්‍රීලංකාවට පියාසර කළ ගුවන් යානයක් යළි ගොඩ බස්සවයි

Published in පුවත්
Tuesday, 13 February 2024 08:40

මෙල්බර්න් සිට කොළඹ දක්වා පියාසර කළ ගුවන් යානයක් කාර්මික දෝෂයක් හේතුවෙන් යළි ගොඩ බස්සවා තිබේ.

එම ගුවන් යානය මෙල්බර්න් වේලාවෙන් ඊයේ පස්වරු 6.18 ට පමණ ගුවන්ගත කළ අතර ඉන් අනතුරුව යළි ගොඩ බස්සවා ඇති බවයි.ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා පැවසුවේ.

එලෙස කාර්මික දෝෂයකට ලක්ව ඇත්තේ, UL 605 එයාර්බස් A ත්‍රී තර්ටි වර්ගයේ ගුවන් යානයකි. එම ගුවන් යානයේ මගීන් 202 ක් හා කාර්ය මණ්ඩලය 15 ක් සිට තිබේ.

එම මගීන්ට නවාතැන් පහසුකම් සලසා ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය.

ගුවන් යානයේ කාර්මික දෝෂය නිවැරදි කර යළි ශ්‍රී ලංකාව බලා පියාසර කිරීමට නියමිත බව, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා පැවසුවේ ය.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us