වෛද්‍යවරුන්ට දුන් දීමනාව ඉල්ලා වෘත්තීය සමිති 72ක් අඛණ්ඩ වර්ජනයක - සෞඛ්‍ය ඇමතිත් දැඩි තිරණයක

Published in පුවත්
Tuesday, 13 February 2024 08:49

අද උදෑසන 6.30 සිට සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක සාමාජිකයින් අඛණ්ඩ වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වෙයි.

ඒ, රුපියල් 35,000 ක දීමනාවක් ලබා දෙන්නැයි ඉල්ලමින්, සෞඛ්‍ය වෘත්තීය සමිති මෙම වර්ජන ක්‍රියාමාර්ගයේ නිරත වන්නේ.

ඊට අදාළව ඊයේ මුදල් අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡා අසාර්ථක වූ බව වෘත්තීය සමිති නියෝජිතයින් ප්‍රකාශ කළේ ය.

රජය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍යවරුන්ට පමණක් රුපියල් 35,000 ක දීමනාවක් ලබාදීමට පසුගියදා තීරණය කළේ ය.

ඊට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සෙසු වෘත්තිය සමිති 72 ක් සිය විරෝධය පළ කරමින් අවස්ථා දෙකකදී සංකේත වැඩවර්ජනයන් පවා ක්‍රියාත්මක කළේ, තමන්ට ද අදාළ දීමනාව ලබාදෙන ලෙස බලකරමින් ය.

එහිදි බලධාරීන් ප්‍රකාශ කළේ අදාල ගැටලු සම්බන්ධයෙන් වෘත්තිය සමිති සමග සාකච්ජා කොට විසඳුමක් ලබාදෙන බවයි.

ඊට අදාළව මුදල් අමාත්‍යංශ නිලධාරීන් හා සෞඛ්‍ය වෘත්තිය සමිති ඊයේ තීරණාත්මක සාකච්ජාවක නිරත විය.

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පැවසුවේ, සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාමට අවශ්‍ය වුවහොත් හමුදා සාමාජිකයින් අනියුක්ත කිරීමට කටයුතු කරන බවයි.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් නොමැති බවත් අමාත්‍යවරයා පැවසුවේ ය.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us