විදුලි ගාස්තුවත් ලබන මාසයට පෙර අඩු කිරීමට පියවර

Published in පුවත්
Tuesday, 13 February 2024 08:57

ලබන මාර්තු මාසයට පෙර විදුලිය ගාස්තු සංශෝධනයට පියවර ගන්නා බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

එහි සභාපති මංජුල ප්‍රනාන්දු සඳහන් කළේ, ඊට අදාළ වාචික අදහස් ලබා ගැනීම් අනිද්දා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී සිදුකරන බවයි.

ඒ සඳහා ලියාපදිංචි වීමේ කාලය ඊයේ අවසන් විය.

මහජන අදහස් විමසීමෙන් අනතුරුව, කොමිසම රැස්වී ගාස්තු අඩු කිරීමට කඩිනමින් පියවර ගන්නා බව සභාපතිවරයා සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ, එම කටයුතු මාර්තු මාසයට ආරම්භයට පෙර අවසන් කිරීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බවයි.

2023 වර්ෂයේ ලංකා විදුලි බල මණ්ඩලය උපයා ගත් ලාභය සහ 2023 වර්ෂය අවසන් වන විට පැවති යහපත් ජල විදුලිය ධාරිතාව සැලකිල්ලට ගනිමින් විදුලි ගාස්තු සංශෝධන යෝජනාවක් ඉදිරිපක් කරන ලෙස පසුගියදා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ලංකා විදුලි බල මණ්ඩලයෙන් ඉල්ලා තිබුණි.

ජනවාරී 16 වැනිදා 3.34% විදුලි ගාස්තු අඩු කිරීමේ යෝජනාවක් විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට යොමු කරන්නේ ඒ අනුවයි.

එම යෝජනාවේ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් විධිමත් නිරීක්ෂණයක් සිදු කළ මහජන උපයෝගීතා කොමිෂන් සභාව පසුගිය ජනවාරි 23 වැනිදා ඊට අදාළ ලේඛනයක් ඉදිරිපත් කර තිබුණි.

කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව 2024 වර්ෂය සඳහා මෙගාවොට් සීයක විදුලිය මිලදී ගැනීමක් යෝජනාවට ඇතුළත් කර ඇති බවත්, ජනන බලපත්‍ර නොමැති විදුලි බලාගාරවලින් විදුලිය ලබා ගැනීමට ලංවිම යෝජනා කර ඇති බවත් එහි සඳහන් ය.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us