ශ්‍රී ලංකාව ආර්ථික ප්‍රගතිය කරා යන වෙළෙඳපොළ ආර්ථිකයක් කරා ප්‍රවිෂ්ඨ වෙලා - ජූලී චන්ග්

Published in පුවත්
Tuesday, 13 February 2024 15:05

ඇමෙරිකානු තානාපතිනි ජූලී චන්ග් මහත්මිය සහ වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අතර ද්වීපාර්ශ්වීය සාකච්ඡා පවත්වා ඇති බව සඳහන් වේ.

මේ වන විට ශ්‍රී ලංකාව ආර්ථික ප්‍රගතිය කරා යන වෙළෙඳපොළ ආර්ථිකයක් කරා ප්‍රවිෂ්ඨ වී ඇති බව වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවති එම සාකච්ඡාවේ දී අමෙරිකානු තානාපතිවරිය සඳහන් කළේය.

අමෙරිකානු තානාපතිවරිය පෙන්වාදී ඇත්තේ, ඉහළ ගොස් පවතින භාණ්ඩ මිල ගණන් අවම කිරීම සඳහාත්, උද්ධමනය වඩා අවම අගයක් කිරීම උදෙසාත් ශ්‍රී ලංකාව සිය වෙළෙඳපොළ විස්තීරණය කළ යුතු බවයි.

එමෙන්ම මේ වන විට වෙළෙද අමාත්‍යාංශය නිෂ්පාදන පිරිවැය අවම කිරීම, පසු අස්වනු හානිය වැළැක්වීම, නිෂ්පාදනයන්හි ගුණාත්මකභාවය ඉහළ නැංවීම තුළින් රටේ ආහාර සුරක්ෂිතතාවය ඉහළ නැංවීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා එහිදී ප්‍රකාශ කර ඇති බව සඳහන්වේ.

වෙළෙඳ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ, ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයක් උදෙසා අවශ්‍ය නව තාක්ෂණික දැනුම හා කුඩා පරිමාණ ව්‍යවසායකයන් නඟා සිටුවීම උදෙසා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසයි

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us