මෙරට මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සදහා රටවල් කිහිපයක මැතිවරණ ක්‍රම අධ්‍යයනයට

Published in පුවත්
Wednesday, 14 February 2024 08:47

ප්‍රජාතන්ත්‍රවාදී රටවල් කිහිපයක මැතිවරණ ක්‍රම අධ්‍යයනයට පියවර ගත් බව මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පවසයි.

එහි ලේකම් මාධව ‍දේවසුරේන්ද්‍ර සඳහන් කළේ, ඒ අනුව ඉන්දියාව, සිංගප්පූරුව, කැනඩාව, බ්‍රිතාන්‍ය, ස්විට්සර්ලන්තය හා ඇස්ටෝනියාව යන රටවල මැතිවරණ ක්‍රම අධ්‍යයනය කරන බවය.

එම මැතිවරණ ක්‍රම මගින් මෙරට මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට ගත හැකි ආදර්ශ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම මෙහි අරමුණ බවද ඔහු සඳහන් කළේ ය.

මේ අතර මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් හා සංවිධානවලින් යෝජනා 60කට අධික සංඛ්‍යාවක් මේ වනවිට ලැබී තිබේ.

එම යෝජනා අධ්‍යයනය කිරීම ආරම්භ කර ඇති බව ද ලේකම්වරයා පැවසීය.

මීට අමතරව අදාළ යෝජනා ඉදිරිපත් කළ සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය ඇතුළු සංවිධාන කිහිපයක නියෝජතයින් සමග ද මේ පිළිබඳ සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට කොමිසම කටයුතු කර ඇත.

මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය අප්‍රේල් 15 වැනි දායින් අවසන් වීමට නියමිතයි.

එදිනට පෙර මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධ නිර්දේශ ඇතුළත් අතුරු වාර්තාවක් ජනාධිපතිවරයා වෙත භාරදීමට සැලසුම් කර ඇති බව ද ඔහු පැවසීය.

මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය ඔක්තොබර් මස 15 වැනි දා මෙම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පත් කළේ, හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්ගේ සභාපතිත්වයෙනි.

-P.M

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us