පාර්ලිමේන්තුව හෙට රැස්වේ

Published in පුවත්
Monday, 19 February 2024 09:11

මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් පෙබරවාරි 20, 21 සහ 22 යන දිනවල පැවැත්වීමට පසුගියදා කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ බව පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න පවසනවා.

පෙබරවාරි 23 වැනිදා පොහොය නිවාඩු දිනය යෙදෙන බැවින් එදින පාර්ලිමේන්තුව රැස් නොවේ.

ඒ අනුව හෙට (20) පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වන අතර පස්වරු 5.00 දක්වා සුරක්ෂිතලත් ගනුදෙනු, භාර ලදුපත්(සංශෝධන), උකස්(සංශෝධන), කල්බදු මූල්‍යකරණ(සංශෝධන), දේශීය භාර ලදුපත්(සංශෝධන), සමාගම් සංශෝධන, ලේඛන ලියාපදිංචි කිරීමේ(සංශෝධන) යන පනත් කෙටුම්පත් දෙවැනිවර කියවීම මෙන්ම ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ අංක 2360/36 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ සදහන් නියමය සහ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2366/19 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ සදහන් රෙගුලාසිද විවාදයට ගැනීමට නියමිත බව කුලරත්න මහතා පැවසීය.

එදින ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා ආණ්ඩු පාර්ශවය ගෙන එන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.

පෙබරවාරි 21 වැනි බදාදා පෙරවරු 9.30 ට අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ අංක 2371/11 සහ අංක 2371/16 දරන අතිවිශේෂ ගැසට් පත්‍රවල සදහන් නියමයන් දෙකක් විවාද කිරීමෙන් තොරව අනුමත කර ගැනීමට ද මෙහිදී එකඟත්වය පළවී ඇත.

අනතුරුව පෙ.ව 9.30 සිට පෙ.ව 10.30 දක්වා අධිකරණ සංවිධාන පනත යටතේ අංක 2238/34 , 2303/23 සහ 2362/67 දරන ගැසට් පත්‍රවල සදහන් නියෝග විවාද කිරීමෙන් අනතුරුව සම්මත කිරීමට නියමිතය.

ඉන්පසු පෙ.ව 10.30 සිට ප.ව 5.30 දක්වා රටේ වර්තමාන තත්ත්වය පිළිබඳව විපක්ෂය ගෙනෙන යෝජනාව අනුව සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට ද මෙහිදී තීරණය වී ඇත.

පෙබරවාරි 22 වැනි බ්‍රහස්පතින්දා පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා වෙනුවෙන් ශෝකය පළ කිරීමේ යෝජනා ඉදිරිපත් කිරීමට ද මෙහිදී තීරණය වූ බව නියෝජ්‍ය මහ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 -P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us