අභාවප්‍රාප්ත ගාමිණී ජයවික්‍රම මහතාගේ අවසන් කටයුතු හෙට

Published in පුවත්
Monday, 19 February 2024 09:17

හිටපු අමාත්‍යවරයෙකු වු අභාවප්‍රාප්ත ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පන්නල ක්‍රීඩාංගණයේදී හෙට (20) පස්වරු දෙකට සිදු කෙරේ.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා පෙරේදා අභාවප්‍රාප්ත වන විට අසූ තුන් වැනි වියේ පසුවිය. දේහය දැනට කටුගම්පල මාහොලව නිවසේ තැන්පත් කර තිබෙනවා.

1941 වසරේ උපත ලැබූ ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා කොළඹ නාලන්දා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරු අතර එම විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය ද දැරූ දක්ෂ ක්‍රීඩකයෙකු ද වනවා.

ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් බිහිවු ප්‍රධාන පෙළේ දේශපාලන නායකයෙකු වන අතර එම පක්ෂයේ සභාපති ධුරය ද හොබවනු ලැබුවා.

2001 වසරේ සිට 2003 වසර දක්වා වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යවරයා ලෙස ද 2015 වසරේ දී ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළ ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍යවරයා ලෙසත් බුද්ධශාසන අමාත්‍යවරයා ලෙසත් කටයුතු කරමින් මහජන සුබසිද්ධිය වෙනුවෙන් විශාල වැඩකොටසක් ඉටුකළ දේශපාලඥයෙකු වනවා.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us