ඊශ්‍රායලයේ රැකියා සඳහා ලාංකිකයන් යොමු කිරීමේ අවස්ථාව පෞද්ගලික අංශයටත්

Published in පුවත්
Tuesday, 20 February 2024 10:43

ඊශ්‍රායලයේ කෘෂිකර්ම අංශයේ රැකියා සඳහා ලාංකිකයන් යොමු කිරීමේ අවස්ථාව පෞද්ගලික අංශයටද ලබාදීමට රජය තීරණය කර තිබේ.

මෙතෙක් කලක් ඊශ්‍රායලයේ කෘෂිකර්ම අංශයේ රැකියා සඳහා ලාංකිකයන් යොමු කරනු ලැබුවේ විදේශ රැකියා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගිනි.

ඊශ්‍රායලයේ කෘෂිකර්ම අංශයේ රැකියා අවස්ථා ලබාදීමට පෞද්ගලික විදේශ රැකියා නියෝජිතායතනවලට අවසර දෙමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ඉකුත් සතියේදී චක්‍රලේඛයක්ද නිකුත් කර තිබේ. එම චක්‍රලේඛයට අනුව මෙරට කාන්තාවන්ටද ඊශ්‍රායලයේ කෘෂිකර්ම අංශයේ රැකියා සඳහා යොමුවීමට අවස්ථාව ලැබී තිබේ.

හමාස් ගරිල්ලන්ගේ ප්‍රහාර හේතුවෙන් විනාශ වූ සිය රට ගොඩනැගීමේ පියවරක් වශයෙන් එරට කෘෂිකර්මාන්තය ගොඩනැංවීමට ඊශ්‍රායල් රජය කටයුතු යොදා තිබේ.

ඒ අනුව ඊශ්‍රායල් රජය විසින් කෘෂිකර්මාන්ත අංශයේ රැකියා 10,000ක් ශ්‍රී ලංකාවට ලබාදී තිබෙන අතර, එම රැකියා සඳහා මෙතෙක් අවස්ථාව හිමිවුණේ රාජ්‍ය අංශය හරහා පමණි. මේ වනවිට එය පෞද්ගලික අංශයටද විවර වී තිබේ.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us