විදුලි බිල ගැන සුබ ආරංචියක්

Published in පුවත්
Tuesday, 20 February 2024 12:21

විදුලි බිල අඩුකිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර  පවසයි.

එය මීට පෙර සඳහන් කළ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකින් අඩුකරන බවට අද  (20) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එම යෝජනාව මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඔවුන් ඒ සඳහා තීරණය ගනු ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

"පසුගිය දෙසැම්බර් මාසයේ දී අපි තීරණයක් ගත්තා විදුලිබිල සංශෝධනය කළ යුතුයි කියලා පෙබරවාරි මාසයේ. ඒ අනුව විදුලිබල මණ්ඩලය ඔවුන්ගේ යෝජනාව ලබාදීලා තියෙනවා මහජන උපයෝගීතා කොමිසමට. ඒ අතරතුර අපි ඉල්ලීමක් කළා විවිධ පාර්ශවයන්ගෙන් විදුලි බිල සම්බන්ධයෙන් යෝජනා, දකින ගැටලු ගැන අපිට තොරතුරු දෙන්න කියලා. එම සාකච්ඡාවට විවිධ පාර්ශව සම්බන්ධ වුණා. විශේෂයෙන්ම අපේ විශ්වවිද්‍යාල නියෝජනය කරමින් ඉංජිනේරු සංගම්, ඉංජිනේරුවන් වගේම විදුලිබල කේෂ්ත්‍රයේ ඉන්න ප්‍රවීණයින් ඇතුළු 40කට ආසන්න පිරිසක් යෝජනා ලබාදුන්නා. ඒ වගේම පසුගිය 15 වෙනිදා මහජන උපයෝගීතා කොමිසම මහජන අදහස් සඳහා විවෘත කළා එහිදී ද යම් යම් අදහස් ලබාදීලා තියෙනවා. ඒ අනුව අදහස් දෙකම එකතු කරලා අපි උපදෙස් දීලා තියෙනවා මේ වසරේ යම් යම් වියදම් පුරෝකථනය කරලා තියෙන්නේ පසුගිය වසර 4ක කාලය තුළ නඩත්තු කටයුතු මේ වසරේ අවසන් කිරීමට. ඒ අනුව මේක මේ වසරේ සිදුනොකර ඉදිරි වසර 3 සඳහා මුදල් වෙන්කිරීම සිදුකිරීමට කටයුතු කරන්න උපදෙස් දුන්නා. ඒ අනුව සංශෝධනය කරපු විදුලි ගාස්තු අයක්‍රමය ගැන යෝජනාව බදාදා හෝ බ්‍රහස්පතින්දා විදුලිබල මණ්ඩලය ලබාදෙන්න කටයුතු කරයි."

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us