මහ බැංකුව වැඩියෙන් බෙදා ගත්තාට ආණ්ඩුවෙනුත් විරෝධය

Published in පුවත්
Wednesday, 21 February 2024 14:52

හැන්ද තිබෙන මහ බැංකුව තමාටම බෙදා ගැනීම වැරදි බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

නීතිය මඳකට පැත්තකින් තබා සදාචාරාත්මක පැත්තෙන් සිතුවත් රට  අමාරු තැනක තිබියදී මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් වැඩි කර ගැනීම වැරදි බවද  අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම අමාත්‍යවරයා පවසා තිබෙන්නේ අනෙකුත් රාජ්‍ය සේවකයන්ට රුපියල් දහදාහක් පමණක්  ලැබෙද්දී මේ අය බෙදා ගැනීමේ සදාචාරය කුමක්ද යන වගයි.

රටේ මූල්‍ය පාලනය තිබෙන්නේ පාර්ලිමේන්තුවට බව කී අමාත්‍යවරයා එය ව්‍යවස්ථාවෙන් ද සහතික කර තිබෙන්නේ යැයිද ආයතනයක් ස්වාධීනයි කියා රට උපයන මුදල් ඒ ආයතනයට හිමි වන්නේ නැතැයි ද සඳහන් කළේය.

ඒ අතරම රට බංකොළොත් කළ මහ බැංකුවේ සේවකයන්ගේ වැටුප් වැඩිකරගැනීම තක්කඩිකමක් බවත් මෙරට ජනතාව වැටුප් වැඩිකරන ලෙස උද්ඝෝෂණ කළත් ඒ සඳහා මුදල් නැතැයි ආණ්ඩුව පැවසූ බවත් නිදහස ජනතා සභාවේ විධායක කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගුණපාල රත්නසේකර අද (21) පැවසීය.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගුණපාල රත්නසේකර නිදහස ජනතා සභා කාර්යාලයේදී අද (21) පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.

මහ බැංකුවේ සේවකයන්ගේ වැටුප් සියයට 73 කින් ඉහළ දමා ඇති බවත් වෛද්‍යවරු රට හැර යන නිසා ඔවුන්ගේ වැටුප් වැඩි කළ ද කම්කරුවාගේ වැටුප් වැඩි නොකළ බවත් රත්නසේක පැවසුහ

පාසල් දරුවන්ගේ ආහාර වේලකට ලැබෙන රුපියල් 85 ක මුදල රුපියල් 20 කින් වැඩි කරන්න සල්ලි නැතැයි කියූ මහා භාණ්ඩාගාරයට මහ බැංකුවේ සේවකයන්ගේ වැටුප් අසීමිතව ඉහළ දැමීමට මුදල් ඇති බව ද ගුණපාල රත්නසේකර සඳහන් කළේය

Last modified on Wednesday, 21 February 2024 16:15

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us