ඇමරිකානු ආර්ථික සහයෝගය තවදුරටත් වැඩිවෙන හැඩ

Published in පුවත්
Saturday, 24 February 2024 11:35

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ කළමනාකරණ සහ සම්පත් පිළිබඳ (State for Management and Resources) නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් වර්මා මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ පෙරවරුවේදී සිදු විය.

ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට රජය ප්‍රමුඛ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගනු ලබන පියවර මෙහිදී නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයා ගේ ඇගයීමට ලක් විය.

මෙහිදී කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා පසුගිය වසරේදී ඩොලර් බිලියන භාගයක පමණ ආයෝජනයක් කළ එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමඟ තවදුරටත් එවැනි මූල්‍ය සහයෝගීතාවක් සඳහා කැමැත්ත පළ කර ඇති බව ද වාර්තා වේ.

පසුගිය වසරේදී එක්සත් ජනපදය සිය ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව (International Development Finance Corporation -DFC) හරහා Colombo West International Terminal Private Limited වෙත ඇමරිකානු ඩොලර් මිලියන 553 ක ණය මුදලක් ලබා දුන්නේය. ජාත්‍යන්තර සංවර්ධන මූල්‍යකරණයේදී චීනය සමඟ ඇති තරගකාරිත්වයට මුහුණ දීමට එක්සත් ජනපදය වත්මන් පරිපාලනය යටතේ මෙම DFC ආයතනය පිහිටුවන ලදී.

රිචඩ් වර්මා මහතා ශ්‍රී ලංකාවට පැමිණියේ ඉන්දු-පැසිෆික් හවුල්කරුවන් සමඟ එක්සත් ජනපද සහයෝගීතාව ශක්තිමත් කිරීමේ පියවරක් ලෙසය. ඒ සමඟම ඉන්දියාව සහ මාලදිවයින යන රාජ්‍යයන්හීද ඔහු සංචාරයක නිරත විය. 2022 පෙබරවාරි 11 වන දින එක්සත් ජනපද ඉන්දු-පැසිෆික් උපාය මාර්ගය දියත් කිරීමෙන් පසුව, නිදහස් හා විවෘත, සම්බන්ධිත, සමෘද්ධිමත්, ආරක්ෂිත සහ ඔරොත්තු දෙන ඉන්දු-පැසිෆික් කලාපයක් ගොඩනැගීමට එක්සත් ජනපදය මිත්‍ර පාක්ෂිකයින් සහ හවුල්කරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කරයි.

ජනාධිපති රනිල් සමඟ පැවැති සාකච්ඡාවේදී කෘෂිකාර්මික නවීකරණ වැඩසටහන ඇතුළු ශ්‍රී ලංකාව තුළ මේ වන විට සිදු කෙරෙන ප්‍රධාන ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියෙහි ප්‍රගතිය පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයා දැනුවත් කළේය.

ගෝලීය ආරක්ෂාවට අදාළ කරුණු සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර රතු මුහුදේ සිදු කෙරෙන නාවික මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා රජය ලබාදුන් සහය වෙනුවෙන් නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ස්තූතිය පළ කර සිටියේය.

හුති කැරලිකරුවන් සම්බන්ධයෙන් සෞදි අරාබියේ ස්ථාවරත්වයට සහාය පළ කරමින් ඉන්දීය සාගරයේ නාවික ගමනාගමනයේ නිදහස වෙනුවෙන් ශ්‍රී ලංකාව තවදුරටත් කැපවී සිටින බව මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

-P.M

Leave a comment

 

ld add copy

Gossip

පොහොට්ටුව ජනාධිපතිට නට්ට නාමල්ට   

පොහොට්ටුව ජනාධිපතිට නට්ට නාමල්ට  

ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් පසුපෙළ මන්ත්‍රීවරුන් 48 දෙනකු කොළඹදී ස්ථාන දෙකකදී...

ගල් අරක්කු මිල අඩු කරන්න IMF අනුමැතිය ගන්න වෙනවලු

ගල් අරක්කු මිල අඩු කරන්න IMF අනුමැතිය ගන්න වෙනවලු

සුරාබදු ආදායම පනත යළි සංශෝධනය කරමින්, මත්පැන් වලින් ලැබෙන රාජ්‍ය බදු ආදායම වැඩි කරගැනීමට රජය සුදානම්...

ජනාධිපතිවරණය ඔක්.05 හෝ 12 ස්ථිරයි. ජනපති රනිල් සූදානම්. විපක්ෂය සෝදාපාළුවක

ජනාධිපතිවරණය ඔක්.05 හෝ 12 ස්ථිරයි. ජනපති රනිල් සූදානම්. විපක්ෂය සෝදාපාළුවක

නෛතික ප්‍රතිපාදන අනුව නිසි කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඊයේ (11) පාර්ලිමේන්තුවේ පැවති...

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වන සහ දැන් අලුතින් පිහිටුවන ලද එක්සත් ජනරජ පෙරමුණේ (URF) නායක පාඨලී චම්ප...

Connet With Us