විකල්ප අපේක්ෂකයෙක් පොහොට්ටුවට නැත්නම් රනිල්ට සහාය දීම සුදුසුයි - ඇමති ප්‍රසන්න

Published in පුවත්
Wednesday, 28 February 2024 14:13

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත් කළේ පොහොට්ටුව බැවින් ඊළඟ ජනාධිපතිවරණයේදී තමාට සහය පළ නොකර සිටීමට පොහොට්ටුවට අයිතියක් නැති බවත් එ තමන් එය පෞද්ගලිකව විශ්වාස කරන බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග  පවසා තිබේ.

 ඊළග ජනාධිපතිවරණයේදී පොහොට්ටුවට විකල්ප අපේක්ෂකයෙක් නැත්නම් රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීම වඩාත් සුදුසු බවද අමාත්‍යවරයා කීය.

පොහොට්ටුවට වෙනත් විකල්ප අපේක්ෂයකු සිටින බව තමන්ට නම් පෙනෙන්නට නැතැයිද ඇමතිවරයා කියා සිටියේය.

ඇමතිවරයා මේ බව සදහන් කළේ ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව අද (28) දින පැවැත්වුනේ ගාලු කොටුවේ පිහිටි හෝල් ඩී ගෝල් ශාලාවේදීය.

Last modified on Wednesday, 28 February 2024 14:13

Leave a comment

worky

worky1

ld add copy

Gossip

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සය දින නිල සංචාරයකට චීනයට ගියේ චීන ආණ්ඩුවෙන් ලැබුණු ආරාධනාවක් අනුවය. ඉ...

Connet With Us