HIV වර්ධනයක්

Published in පුවත්
Thursday, 29 February 2024 10:01

HIV නව ආසාදිතයින් වාර්තා වීම සියයට 14කින් පමණ ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි.

2022 වසරට සාපේක්‍ෂව 2023 වසරේදී HIV නව ආසාදිතයින් සියයට 14.3ක වර්ධනයක් පෙන්නුම් කරන බව එහි අධ්‍යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය සඳහන් කළාය.

පසුගිය වසරේ දී නව HIV ආසාදිතයින් 694 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් වැඩි දෙනෙකු පිරිමි පුද්ගලයින් වේ.

ඒ අනුව පිරිමි පුද්ගලයින් 611 දෙනෙකු නව ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 88ක් බව විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය සඳහන් කළාය.

එමෙන්ම එම කාලය තුළ කාන්තාවන් 81 දෙනෙකු නව HIV ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 11.7කි.

ඒ අනුව මේ වන විට සමාජ තුළ සිටින ඇස්තමේන්තුගත HIV ආසාදිතයින් සංඛ්‍යාව 4,100ක් පමණ වන බව වාර්තා වේ.

2022 වසරේදී ද නව HIV ආසාදිතයින් 607දෙනෙකු වාර්තා වී තිබුණි.

මේ අතර යම් පුද්ගලයෙකු හට HIV ආසාදනය වී ඇත්නම් එහි රෝග ලක්ෂණ පෙන්වීම සඳහා වසර අටක පමණ කාලයක් ගත වන බව විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය පවසන්නීය.

එම නිසා HIV රෝග ලක්ෂණ හා සමාන අවදානම් හැසිරීමක් පෙන්නුම් කරන්නේ නම් HIV පරීක්ෂාවක් සිදුකිරීම අත්‍යශ්‍ය කරුණක් බවත් ඒ සඳහා වැඩපිළිවෙල රැසක් ආරම්භ කර ඇති බවත් විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

"2025 වසරේ සිට සියලුම දිස්ත්‍රික්කවල වැඩි අවදානම් කණ්ඩායම කෙරෙහි විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මේ සඳහා ගෝලීය අරමුදල යටතේ ආධාර ලබාගැනීමට දැනටමත් ව්‍යාපෘති සැලැස්මක් ඉදිරිපත් කරලා තියෙනවා. දැනට වැඩි අවදානම් සහිත හැසිරීම් ඇති පුද්ගලයින්ට අපි නිතරම උපදෙස් ලබාදෙන්නේ HIV පරීක්ෂණයක් කරගන්න කියලා. සමහර අය ඒ සඳහා මැලිකමක් දක්වනවා. ඒ අයට තනියම ටෙස්ට් එකක් කරගන්න අවශ්‍ය පරීක්ෂණ කට්ටල ඇනවුම් කරන්න පුළුවන් නොමිලේ කුරියර් සේවාවක් හරහා ලබාගන්න පුළුවන්. මේ සඳහා Know4Sure ඇප් එක භාවිත කරලා ඇනවුමක් ලබාදෙන්න. එවිට නිවසටම නොමිලේ ගෙන්වා ගන්න පුළුවන්."

-දෙරණ

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us