මාලිමා ආණ්ඩුවක් ආවොත් මේ කරපුවා ඔක්කොම හබක්. හඳුන්ගේ කතාවකින් හෙළිවෙයි.  

Published in පුවත්
Tuesday, 26 March 2024 12:14

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන වත්මන් ණය ප්‍රතිව්‍යුගතකරණ ක්‍රියාවලිය තම ආණ්ඩුවක් යටතේ නැවත සමාලෝචනය කරන බවත් ණය ආපසු ගෙවීමේදී ඒ සෑම ණය ගිවිසුමක්ම නැවත සමාලෝචනය කිරීමේ අයිතියක් තමන්ට ඇති බවත් මේ සියලු පාර්ශ්ව සමග ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ වැඩසටහනකට අලුතින්ම යාමට ද ඇතැම්විට තමන්ට සිදුවනු ඇති බවත් ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටු සාමාජික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති දෙරණ රූපවාහිනි සාකච්ඡාවකිදී පවසා ඇත.

එමෙන්ම තමන් කරන්නේ කුමක්ද යන්න ගැන දැන්ම යමක් පැවසීමට නොහැකි බවත් එහි අවිනිශ්චිතභාවයක් පවතින බවත් හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත. මේ අනුව මේ වන විට රජය සාර්ථකව ක්‍රියාත්මක කරමින් පවතින ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මාලිමා ආණ්ඩුවක් යටතේ ආපසු හැරවීමකට ලක් විය හැකි බව පැහැදිලිය. කෙසේ නමුත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩපිළිවෙල හැර මෙරට ආර්ථිකය යළි ගොඩනැංවීම වෙනත් විකල්ප වැඩ පිළිවෙලක් මේ දක්වා ජවිපෙ හෝ මාලිමා කණ්ඩායම හෝ ඉදිරිපත් කර නැත.

එමෙන්ම ඔවුන් ඉදිරිපත් කර තිබු ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රකාශනය ද දුස් තොරතුරු සහ ප්‍රායෝගික නොවන කරුනු කාරණ ගනනාවකින් සමන් විත බව පසුගියදා හෙළිදරව් විය. ඒ අනුව එම ප්‍රකාශනය මාලිමාවේ ඇතැම් නායකයන් විසින් ප්‍රතික්ෂේප කිරීමද කර තිබිණි.

මේ අනුව නිසි ප්‍රතිපත්තියක් වැඩපිළිලෙවලක් නොමැතිව මාලිමාව බලයට පත්වීම සිදු වුවහොත් රට නැවත විශාල අර්බුදයකට ගොදුරු වීමේ සමභාවිතාවය ඉතා ඉහළ බව බොහෝ ආර්ථික හා දේශපාලන විචාරකයන් විසින් පෙන්වා දී තිබිණි.

එම සංවාදය,

“1948 ඉඳලා මේ හොරු ටික ගත්ත ඒවා අපට ගෙවන්න වෙනවා. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ, ඒ ගෙවන්න වෙනකොට ඒ හැම ගිවිසුමක්ම නැවත සමාලෝචනය කිරීමේ, එකඟතාවන් නැවත සමාලෝචනය කිරීමේ අයිතියක් අපට තියෙනවා”

ප්‍රශ්නය – දැන් මේ ආණ්ඩුව පත්කරපු මූල්‍ය සහ නීති උපදේශකයො තමයි මේ වෙද්දී ඔය ණය හිමියන් සමග කේවල් කිරීම කරලා අවසාන ගිවිසුමකට එන්නෙ. එතකොට ඔබතුමාලා ආවොත් ඔබතුමාලා කියන්නෙ මේ ගිවිසුම් නැවත සමාලෝචනය කරලා සියලුම දෙනා එක්ක ආයෙ ප්‍රතිව්‍යුහගතකරණයකට, සාකච්ඡාවකට යනවා කියලාද ?

“සමහරවිට. මොකද දන්නවාද ? අපට බැඳියාවක් නෑනෙ ඒගොල්ලො රටට කියලා ….”

ප්‍රශ්නය – නමුත් රටනෙ. ජනරජයනෙ එකඟවෙන්නෙ අවසානයේ ?

“නෑ, නෑ, නෑ. ඔය ලසාඩ් ලෆාල් කියන කට්ටිය කවුද ඔය …”

ප්‍රශ්නය – ඒ අපි වෙනුවෙන් තමයි මේ කේවල් කිරීම කරන්නෙ ?

“කවුද ? කවුද අනුමත කරගත්තෙ ? කොහෙද අනුමත කරගත්තෙ ? පාර්ලිමේන්තුවෙ අනුමත කළාද ?”

ප්‍රශ්නය – කැබිනට් අනුමැතියකින් නෙ ඒක කරන්නෙ ණය පිළිබඳ කේවල් කිරීම ?

“නෑ, කැබිනට් අනුමැතිය කියලා ඒක පාර්ලිමේන්තුවෙ අනුමත කරාද ? ජනතාවගෙ නියෝජිතයො ඉන්නෙ පාර්ලිමේන්තුවෙ නෙ”

ප්‍රශ්නය – ඔබතුමාලා කියද්දී අපි නැවතත් ණය ප්‍රතිව්‍යුහගතකරණයක් කිරීමේ ක්‍රියාවලියකට යන්න ඉඩ තියෙනවා කියලා, ඒක බරපතළයිනෙ ?

“මට ඒක දැන් කියන්න බෑ. මට දැන් කියන්න බෑනෙ”

ප්‍රශ්නය – නමුත් අවිනිශ්චිතයි ?

“ඔව්”

ප්‍රශ්නය – අවිනිශ්චිතතාවය කියන්නෙ ආර්ථිකයේ තියෙන හතුරා ?

“හරි, දැන් එතකොට මේ ආණ්ඩුවත් එක්ක යන මේ ගමන නිශ්චිතයිද ? දැන් මේ ආණ්ඩුව හෙට මොනවා කරයිද කියලා කවුද දන්නෙ ?”

ප්‍රශ්නය – නමුත් තවත් රටට අවශ්‍ය අවිනිශ්චිතභාවයක්ද ?

“නෑ. දැන් ඔයා ඔය හදන්නෙ ඔයාගෙ මතය තහවුරු කරන්න හදන්නෙ මාලිමාවෙ ආණ්ඩුවක් ආවොත් මීටත් වඩා රට අස්ථාවර වෙයි, අවිනිශ්චිත වෙයි කියලා නේද ?

ප්‍රශ්නය – නැහැ. ණය ප්‍රතිව්‍යුහගතකරණයකට නැවතත් යොමුවෙන්න සිද්ධ වෙයිද ? සරලයි ප්‍රශ්නය

“ඒක මට දැන් කියන්න බෑ. ඒක මට දැන් කියන්න බැරි මොකද දන්නවද, මේ යන ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය විනිවිදභාවයකින් අවංකව කෙරෙනවා නම් අපට ඒක දිගටම කරගෙන යන්න පුළුවන්. හැබැයි මේ යන ක්‍රියාවලිය අපට දරාගන්න බැරි කොන්දේසි සහිතව නම් තියෙන්නෙ, ඒක ප්‍රශ්නයක්”

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us