පොල් වතුර රට පටවා පෙබරවාරියේ මිලියන 3,439 ක් ආදායමක් අරගෙන

Published in පුවත්
Tuesday, 26 March 2024 12:19

මේ වසරේ පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ පොල් වතුර අපනයනයෙන් රු. මිලියන 3,439 ක් බව පොල් සංවර්ධන අධිකාරිය (CDA) පවසයි..

පොල් සංවර්ධන අධිකාරිය දත්ත වලට අනුව 2023 පෙබරවාරි මාසයේදී පොල් වතුර අපනයනයෙන් රුපියල් මිලියන 2,705ක් උපයා ඇත.

මේ අනුව පසුගිය වසරේ පෙබරවාරී මාසයට සාපේක්ෂව රු. මිලියන 734 ක අපනයන ආදායමේ සැලකිය යුතු ඉහළ යාමක් සිදුවී ඇත.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25දා) පැවැති සාකච්ඡාවකදී මෙම දත්ත අණාවරණය වී ඇත.

මෙහිදී අමරවීර මහතා තවදුරටත් ආදායම් වර්ධනය සඳහා ඇති හැකියාව අවධාරණය කළ අතර
වනජීවී හානිය නිසා පොල්ගස්වලට වාර්ෂිකව සිදුවන පාඩුව පියවීම මගින් තවත් රුපියල් මිලියන 300ක් අමතර ආදායමක් උපයා ගත හැකි බව පෙන්වා ඇත.

කේසේ නමුත් පොල් හා තැඹිලි ආශ්‍රිත අපනයනයන් ප්‍රවර්ධනය කිරීම සඳහා මේ වන විට රජය විශේෂ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මමක කර ඇති අතර එය පොල් වගාකරුවන්ගේ ආදායම ඉහළ නැංවීමට දායක වනු ද ඇත.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us