චීනයේ “sea rice'' මෙරට කුඹුරු වලට

Published in පුවත්
Thursday, 04 April 2024 08:55

චීනයේ “සී රයිස්“ (sea rice) බිත්තර වී මෙරට ලවණතාව සහිත භූමිවල වගා කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

මේ අනුව,මෙරට වෙරළ කලාපය ආශ්‍රිත සහ ලවණතාවය වැඩි භූමි ප්‍රදේශවල මෙම සී රයිස් වගා කිරීමට නියමිතය.

සී රයිස් බිත්තර වී චීනයෙන් ගෙන්වා පර්යේෂණ සිදු කිරීමෙන් පසුව මෙරට අක්කර ලක්ෂ දෙකක භූමි ප්‍රදේශයක සී රයිස් වගා කිරීමට නියමිතය.

මෙරටට වී ප්‍රබේද විදෙස් රටවලින් ආනයනය නොකෙරෙන අතර,පර්යේෂණ කටයුතු සඳහා චීනයෙන් සී රයිස් බීජ ගෙන්වා ගැනීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

එමෙන්ම,මින් පසුව පුරන් කුඹුරු අස්වැද්දීම සිදු කිරීම වෙනුවට එම ඉඩම්වල උචිත බෝග වගා කිරීමට පමණක් අනුමැතිය ලබාදෙන ලෙස ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති පැවසුවේය.

-P.M

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us