යුක්තිය මෙහෙයුම් වලදී මානව හිමිකම් කඩවීම් 44ක් ගැන පැමිණිලි

Published in පුවත්
Thursday, 04 April 2024 09:09

යුක්තිය මෙහෙයුමේ දී සිදුව ඇතැයි කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් පැමිණිලි 44 ක් ලැබී තිබෙන බව ශ්‍රීලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විමර්ශන අංශ භාර කොමසාරිස් නිමල් ජී පුංචිහේවා පැවසීය.

පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේදී පොලිසිය විසින් සිදුකර ඇති පහරදීම් 14 ක් ගැනත් පරීක්ෂා කිරීම්වලදී අපහසුතාවට ලක්කිරීම් පිළිබඳ පැමිණිලි දෙකක්ද මේ අතර තිබෙන බව කොමසාරිස්වරයා කීවේය.

ඇතැම් කාන්තාවන් රාත්‍රි නිදන ඇඳුම් ද සමගින් පොලිස් ස්ථානවලට රැගෙන ගොස් තිබෙන බවත් මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාද දැනුවත් කර තිබෙන බවත් කී කොමසාරිස්වරයා මේ විමර්ශන අවසන් කර අදාළ නිලධාරීන් වරදක් කර ඇත්නම් නිර්දේශ ද සමගින් පොලිස්පතිවරයා වෙත යොමුකරන බවද කියා සිටියේය.

යුක්තිය මෙහෙයුම මත්ද්‍රව්‍ය ව්‍යවසනය මැඩලීමට හොඳ පියවර වුවත් පොලිසිය යුක්තිය මුවාවෙන් සිදුකරනු ලබන අකටයුතුකම් හා මානව හිමිකම් කඩකිරීම් ගැන නිරන්තරයෙන් වාර්තා වන බවත් මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාද කැඳවා කරුණු පැහැදිලි කර දුන් බවත් ඔහු කියා සිටියේය.

ශ්‍රීලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ඊයේ (03වැනිදා) කොළඹ පදනම් ආයතනයේදී කැඳවූ මාධ්‍ය හමුවට එක්වෙමින් කොමසාරිස්වරයා මේ බව කියා සිටියේය.

-P.M

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us