පූර්ණ සූර්යග්‍රහණයක් අද

Published in පුවත්
Monday, 08 April 2024 08:50

පූර්ණ සූර්යග්‍රහණයක් අද (08) පස්වරුවේ සිදුවීමට නියමිතව තිබෙනවා තිබේ.

එම සුර්යග්‍රහණය ශ්‍රී ලංකාවට නොපෙනෙන නමුත් බටහිර යුරෝපයේ, උතුරු අමෙරිකාව, පැසිෆික් සාගරය, අත්ලාන්තික් සාගරය සහ ආක්ටික් ප්‍රදේශයේ රටවලට දෘශ්‍යමාන වීමට නියමිතය.

මෙරට වේලාවෙන් සූර්යග්‍රහණය රාත්‍රී 9.12ට ආරම්භවී පසු දින අලුයම 2.22ට අවසන් වේ.

ඉතාමත් කලාතුරකින් දැකගත හැකි වන පූර්ණ සූර්ය ග්‍රහණයක් නැවත දැකගැනීමට හැකිවන්නේ 2044 දී බව නාසා ආයතනය සඳහන් කර ඇත.

මේ අතර බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මොනරාගල, මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ප.ව. 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කරන බවය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී.

අද දින (08) දහවල් 12:12 ට මාරවිල, පොතුහැර, ගුරුකැටේ, කල්මුණේ, ගර්තලවෙල සහ වරාපිටිය යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇත.

-P.M

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us