අප්‍රේල් මස 15 වනදා රජයේ නිවාඩු දිනයක්ද ? නැද්ද ? තීරණය අද Featured

Published in පුවත්
Monday, 08 April 2024 09:00

අප්‍රේල් මස 15 වන දා රජයේ නිවාඩු දිනයක් බවට පත්කිරීම අද (08) දිනයේ දී පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අවධානයට යොමු කිරීමට නියමිත ව තිබේ.

අප්‍රේල් මස 14 වන දිනයේ අලුත් අවුරුදු නැකත් පැවැත්වෙන අතර අප්‍රේල් මස 15 වන සඳුදා සාමාන්‍ය රාජකාරී දිනයක් බවට මේ වන විට පත්ව තිබේ.

කෙසේවෙතත් 15 වන සඳුදා දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත් කරන ලෙස බොහෝ පාර්ශ්ව මේ වන විට ඉල්ලීම් කර තිබුණත් ඒ සම්බන්ධයෙන් මේ දක්වා අවසන් තීරණයක් ගෙන නොමැත.

එලෙස නිවාඩු දිනයක් බවට පත්කරන්නේ නම් ඒ සඳහා අමාත්‍ය මණ්ඩල තීරණයක් අවශ්‍ය බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත සඳහන් කර ඇත.

ඒ අනුව අද පස්වරුවේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතය.

-P.M

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us