මැයි රැළියට දේශපාලන පක්ෂ සියළු කටයුතු සුදානමින් !

Published in පුවත්
Monday, 29 April 2024 08:06

ලෝක කම්කරු දිනය මෙවර අභිමානයෙන් සැමරීම සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ මේ වනවිට සංවිධාන කටයුතු ආරම්භ කර තිබේ.

මෙවර මැයි දින පෙළපාලි හා රැළි කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රධාන නගර කෙන්ද්‍ර කර ගනිමින් පැවැත්විමට නියමිතයි.

එක්සත් ජාතික පක්ෂ මහලේකම්, පාලිත රංගේබණ්ඩාර මහතා එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මාලිගාවත්තේදී පැවැත්වෙන බවයි සදහන් කර සිටියා .

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ, සමගි ජනබලවේගයේ මැයි දින රැළි මෙවර කොටුව චැතම් වීදියේදී හා තලවාකැලේදී පැවැත්වෙන බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැළිය මෙවර පැවැත්වෙන්නේ බොරැල්ල කැම්බල් පිටියේදී ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළිය ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු පැවසුවේ, ඒ සඳහා පක්ෂයේ සියලු සාමාජිකයින් පැමිණෙතැයි අපේක්ෂා කරන බවයි.

මේ අතර රට හදන විසඳුමට, ජන බලය එක පෙළට තේමා කර ගනිමින් ජාතික ජනබලවේගයේ මැයි දින රැළි දිවයිනේ ප්‍රදේශ කිහිපයකම පැවැත්වෙයි.

කොළඹ මැයි පෙළපාලිය සවස 2 .00 ට බී. ආර්.සී ක්‍රීඩාංගණයෙන් ආරම්භ වන අතර රැළිය සවස 3.30 ට සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මාවතේදී පැවැත්වීමට නියමිතයි.

යාපනයේ මැයි රැළිය උදේ 10.00 ට නන්දයි සෙල්වා රඟහලේදී පැවැත්වීමට නියමිතව තිබේ.

ජාතික ජනබලවේගයේ මාතර මැයි පෙළපාලිය සවස 2.00 ට රාහුල හංදියෙන් ආරම්භ වී සවස 3.30 ට මාතර වෙරළ උද්‍යානයේදී රැළිය පැවැත්වීමට නියමිතයි.

අනුරාධපුර මැයි පෙලපාලිය සවස 2.00 ට වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩා පිටියෙන් ආරම්භ වන අතර මැයි රැළිය සවස 3.30 ට අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත බව ජාතික ජනබලවේගය සඳහන් කළේ ය.

මේ අතර මෙවර මැයි දින පෙළපාලි සඳහා දේශපාලන පක්ෂ රැසකින් බස් රථ අයදුම්කර ඇතැයි ලංකා ගමන ගමන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය පැවසුවේ, ඉල්ලුම් කර ඇති පක්ෂ සඳහා බස් රථ ලබාදෙන ලෙස සියලුම ඩිපෝ දැනුවත් කර ඇති බවයි.

විශේෂ චාරිකා සඳහා බස් රථ ලබාදීමේ මිල ගණන් යටතේ එම වැඩපිළිවෙල ක්‍රියාත්මක බවද ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහන් කළේ ය.

මේ අතර, ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ, මෙවරත් දේශපාලන පක්ෂ රැසකින් මැයි රැළි සඳහා බස් රථ අයැදුම් කර ඇති බවයි.

විවිධ දේශපාලන පක්ෂ, මැයි දින රැළි වෙනුවෙන් මුදල් ගෙවා විශේෂ දුම්රිය සේවා අයැදුම් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවද සඳහන් කළේ ය.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us