පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් මාර්තුවේ දී ඉපැයීම මිලියන ගාණක්

Published in පුවත්
Thursday, 02 May 2024 10:45

2024 මාර්තු මාසයේ දී පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් රුපියල් මිලියන 19,131ක ආදායමක් ඉපයීමට හැකි වූ බව පොල් සංවර්ධන අධිකාරිය විසින් පවසයි.

එමෙන්ම 2024 මාර්තු මාසයේ දී උද්‍යාන වගාව සඳහා මෙරටින් අපනයනය කරන ලද කොහුබත් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 38,065කි. එමගින් උපයන ලද ආදායම රුපියල් මිලියන 5725කි.

කෙසේ වෙතත් 2023 මාර්තු මාසය හා සසඳන විට මෙම ප්‍රමාණය සියයට 29ක වර්ධනයක් වේ.

පොල් කටු සක්‍රිය කළ කාබන් අපනයනය 2023 වරරට සාපේක්ෂව මෙට්‍රික් ටොන් 5,707ක් අපනයනය කිරීම මගින් 2024 මාර්තු මාසයේ උපයා ඇති ආදායම රුපියල් මිලියන 4,430කි. එය ප්‍රතිශතයක් ලෙස සියයට 32ක ඉහළ යාමකි.

එමෙන්ම පොල් කිරි අපනයනය මගින් පසුගිය මාර්තු මාසයේ දී රුපියල් මිලියන 3122ක මුදලක් උපයා තිබේ. මාර්තු මාසය තුළ අපනයනය කරන ලද පොල් කිරි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 7,059කි. එය 2023 මාර්තු මාසයට සාපේක්ෂව සියයට 49ක ඉහළ යාමක් බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි.

දිසිදි පොල් අපනයනය මගින් මාර්තු මාසයේ දී උපයා ඇති ආදායම රුපියල් මිලියන 2,378කි. එම මාසය තුළ අපනයනය කරන ලද දිසිදි පොල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 3592කි. එහි වර්ධනය සියයට 30කි.

එමෙන්ම පිටි කළ පොල් කිරි අපනයනය ද පසුගිය මාසයේ ඉහළ ගොස් ඇත. එමගින් උපයන ලද ආදායම රුපියල් මිලියන 1587කි. අපනයනය කරන ලද පිටි කළ පොල් කිරි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1153ක් වන අතර එය 2023 මාර්තු මාසය හා සසඳන කළ සියයට 93ක වර්ධනයකි.

පොල් ක්‍රීම් අපනයනය ද පසුගිය මාර්තු මාසයේ දී ඉහළ ගොස් තිබේ. එමගින් උපයන ලද ආදායම රුපියල් මිලියන 1,390කි. අපනයනය කරන ලද පොල් ක්‍රීම් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 2,619කි. එම ප්‍රමාණය 2023 මාර්තු මාසය හා සසඳන විට සියයට 88ක වර්ධනයක් පෙන්නුම් කරයි.

එසේම පොල් තෙල් අපනයනය ද ඉහළ ගොස් ඇති අතර එමගින් උපයන ලද ආදායම රුපියල් මිලියන 539කි. පොල්තෙල් මෙට්‍රික් ටොන් 767ක් අපනයනය කර ඇති අතර එහි වර්ධනය 2023 මාර්තු මාසයට සාපේක්ෂව සියයට 84කි.

සමස්තයක් ලෙස ගත් කළ ශ්‍රී ලංකාවේ පොල් අස්වැන්න ඉහළ යාම මත අපනයනය ද ඉහළ ගොස් ඇති බව බව පවසන පොල් සංවර්ධන අධිකාරිය මාර්තු මාසයේ දී පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය ඉහළ යාම මගින් රුපියල් මිලියන 19,131ක ආදායමක් ඉපයීමට හැකිවීම මෙරට ලැබු ජයග්‍රහණයක් බව සඳහන් කරයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us