ඉදිරි දේශපාලන තත්ත්වය ගැන සාකච්ඡා කරන්න පොහොට්ටුවේ සියල්ල කොළඹට කැඳවයි

Published in පුවත්
Tuesday, 07 May 2024 09:24

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සියලු සංවිධායකවරුන් කොළඹට කැඳවා තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අදාළ කැඳවීම සිදුකර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සංවිධායකවරුන් නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානය වෙත පෙරවරු 10.45ට කැඳවා ඇති බව සඳහන්ය.

ඉදිරි දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙම හමුවේ අරමුණ වී ඇති බව වාර්තා වේ.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර පසුගියදා පැවති සාකච්ඡාවේ දී ගනුලැබු තීන්දු තීරණ පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ අතර පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පසුගිය සෙනසුරාදා පස්වරුවේ අදාළ සාකච්ඡාව පවත්වා ඇති බව සඳහන්ය.

මේ අතර වසර 05කට පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය වෙත හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සාකච්ඡාවක් සඳහා පැමිණ තිබේ.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us