නව ග්‍රාම නිලධාරීන් 1942ක් හෙට සිට රාජ්‍ය සේවයට Featured

Published in පුවත්
Tuesday, 07 May 2024 09:29

නව ග්‍රාම නිලධාරීන් 1942ක් හෙට (08) සිට රාජ්‍ය සේවයට බඳවා ගැනේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අගමැති දිනේෂ් ගුණවර්ධන මහත්වරුන්ගේ ප්‍රදානත්වයෙන් අරලියගහ මන්දිරයේදී හෙට (08) පෙරවරුවේ නව ග්‍රාම නිලධාරීන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ.

ග්‍රාම නිලධාරි 3 වැනි ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වූ විභාගයෙන් සහ සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල මත ත්‍රෛමාසික පුහුණුව සඳහා සුදුසුකම් ලැබූ අයදුම්කරුවන් 1942කගේ නාම ලේඛනය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් ඊයේ (06) නිකුත් කර තිබිණි.

පත්වීම් ලබන සියලු දෙනාගේ නම් www.moha.gov.lk වෙබ් අඩවියේ පළ කර ඇතැයි ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත මහතා පැවැසීය.

විභාග දෙපාර්තමේන්තුව විසින් 2023 වසරේ දෙසැම්බර් 02 වැනි දින ග්‍රාම නිලධාරි විභාගය පවත්වන ලදි.

මෛ ත්‍රෛමාසික පුහුණුව සඳහා සුදුසුකම් ලද අයදුම්කරුවන් අතරින් කිසියම් අයකුට කැඳවීම් ලිපි ලැබී නොමැති නම් අමාත්‍යාංශ නිල වෙබ් අඩවියෙන් ලබාගත හැකි බව එම අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න පවසයි.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us