ජාත්‍යන්තර සිනමා උළෙල අද ඇරඹේ

Published in පුවත්
Tuesday, 02 September 2014 09:36

ජාත්‍යන්තර සිනමා උළෙල අද (02) උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. මෙහි සමාරම්භක උළෙල අද සවස (6.30)ට කොළඹ රීගල් සිනමා ශාලාවේදී පැවැත්වේ. 

රතුපලස විශේෂාංග සමඟින් මෙම සිනමා උළෙලේ වැඩසටහන ආරම්භ වන අතර හෙළයේ මහා සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට චිත්‍රපට උළෙලේ චිත්‍රපට නාමාවලිය පිරිනැමීමටද කටයුතු යොදා ඇත.

සමාරම්භක උළෙලේ වැඩකටයුතු වලින් අනතුරුව ප්‍රංශ සිනමාකරු ක්‍රිස්ටෝපි ගෑන්ස් අධ්‍යක්ෂණය කළ (Beauty and the Best) බියුටි ඇන්ඩ් ද බිස්ට් චිත්‍රපටය තිරගත කෙරේ. මෙම චිත්‍රපටය ජපානයේ ඔකිනාවා ජාත්‍යන්තර සිනමා උළෙලට සමගාමීව ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය වීමද විශේෂත්වයක් බව ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය සඳහන් කරයි.

මීට සමගාමීව ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාව, මැජෙස්ටික් සිටි - සුපීරියර් සිනමා ශාලාව, එම්පයර් ඩිලුක්ස් සිනමා ශාලාව, ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානය (Goethe Institut) යන ස්ථානයන්හිදීද උදේ 10.00, දහවල් 1.00, සවස 4.00 සහ රාත්‍රී 10.00 දර්ශන මෙම (07) දක්වා නොමිලයේ පැවැත්වෙන බව සඳහන් කළ සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය ධර්මසේන පතිරාජගේ 'ස්වරූප' නිලේන්ද්‍ර දේශප්‍රියගේ 'තණ්හා රති රඟා', උදය ධර්මවර්ධනගේ 'Miles of a Dram' , උදාර අබේසුන්දරගේ 'සෙවණැලි', ප්‍රසන්න ජයකොඩිගේ '28' යන ශ්‍රී ලාංකික සිනමාකරුවන්ගේ තෝරාගත් චිත්‍රපට කීපයක්ද ජාත්‍යන්තර සිනමා උළෙලේ ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us