ඉල්ලීම් ඉටු නොවුණ නිසා අද සිට පළාත් මට්ටමින් සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජනයක

Published in පුවත්
Thursday, 09 May 2024 08:35

සිය ඉල්ලීම් සදහා ලබාදුන් එකඟතාවන් ඉටු නොකිරීම හේතුවෙන් අද (09) සිට පළාත් මට්ටමින් රෝහල් තුළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි.

ඒ අනුව අද පෙරවරු 8.00 සිට දහවල් 12.00 දක්වා පැය 4ක කාලයක් උතුරු මැද පළාතේ සියලු රෝහල්වල වර්ජන ක්‍රියාමාර්ගයක් සිදුකරන බව එම සන්ධානයේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම පැවසුවේය.

කෙසේවෙතත් අද දින පැවැත්වෙන වර්ජනය සඳහා හෙද හෙදියන්ගේ සහභාගීත්වයක් සිදුනොවන බව සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එච්.එම්.එස්.බි.මැදිවත්ත මහතා සඳහන් කළේය.

වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන රෝහල් පිළිබඳ විස්තර පහතින් දැක්වේ.

09 - උතුරු මැද පළාත
13 - මධ්‍යම පළාත
14 - සබරගමුව පළාත
15 - වයඹ පළාත
16 - දකුණු පළාත
20 - ඌව පළාත
21 - බස්නාහිර පළාත යනාදී වශයෙන් මෙම වර්ජන ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වනු ඇත.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us