රට ගිණි තැබූ අරගලයට අදට වසර දෙකයි

Published in පුවත්
Thursday, 09 May 2024 08:58

ගාලුමුවදොර අරගලභූමිය කේන්ද්‍ර කරගනිමින් දියත් වූ ජන අරගලයට ප්‍රහාරයක් එල්ල වී අදට වසර දෙකක් සපිරෙනවා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හා එම පාලනයට එරෙහිව “ගෝඨාගෝගම” හා “මයිනාගෝගම” ලෙසින් නම් කර, එම ස්ථාන කේන්ද්‍ර කරගනිමින් සංවිධාන වී සිටි අරගලකරුවන් ඉලක්ක කරගෙන ප්‍රහාරය එල්ල වීමත් සමග රට පුරා නොසන්සුන් වූ පිරිස් එම ප්‍රහාරයට විරෝධය පළ කරමින් නොසන්සුන් අයුරින් කටයුතු කිරීම හේතුවෙන් මුළු රටම එකම යුද පිටියක් බවට පත් වුණා.

මුළු රටම භීතියෙන් මුසපත් කළ ඒ අඳුරු හේරා කිහිපයේදී සංවිධානාත්මක පිරිස් මහමග ගමන් ගත් බස්රථ, පොදු හා පෞද්ගලික දේපළ විනාශ කරමින් හානි රැසක් සිදු විය.

මෙම ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල ඇතුළු කිහිපදෙනකු ඝාතනයට ලක්වූ අතර පුද්ගලික නිවාස ඇතුළු දේපළ 855කට බරපතළ හානි සිදු විය.

එසේම වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවස ද ගිනිබත් කරමින් විනාස කළේ ඔහුගේ නිවසේ තිබු වටිනා විශාල පොත් ගණනාවක්ද ගිනිබත් කරමිනි.

ඉන් නිවාස 62ක් එවකට පැවැති රජයේ මැති ඇමැතිවරුන්ට අයත් ඒවාය. ඊට අමතරව ප්‍රාදේශීය දේශපාලනඥයන්ට අයත් දේපළ රැසක් ද විනාශ විය.

එවකට රටේ පැවැති ගෑස්, තෙල් ඇතුළු අත්‍යවශ්‍ය සේවා ලබාගැනීමේ දිගු පෝලිම්, විදුලි කප්පාදුව වැනි සිද්ධි මත පැනනැඟුණු දැඩි මහජන පීඩාව හේතුවෙන් මතුවූ අරගලය අවසන් වූයේ හිටපු ජනාධිපති ඇතුළු පාලන තන්ත්‍රය අවසන් නෙරපා හරිමිනි.

-P..

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us