යුද්ධයට විදෙස් රට වලට යන ජනතාවට ඇමති මනුෂගෙන් විශේෂ නිවේදනයක්

Published in පුවත්
Thursday, 09 May 2024 09:15

විදෙස් රටවල හමුදාවේ රැකියා සඳහා යොමුනොවන ලෙස විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

අදාළ නිවේදනයේ දැක්වෙන්නේ මිනිස් ජාවාරම්කරුවන් පිරිසක් එක්ව රුසියාවේ හමුදා සේවය සඳහා ශ්‍රී ලාංකික තරුණයින් යොමු කරවීමේ ජාවාරමක් මේ වන විට ක්‍රියාත්මක බවය.

රුසියානු හමුදාවේ ඉහළ වැටුප් සහිත රැකියා ලබාදෙන බව පවසා විශ්‍රාමික හමුදා සාමාජිකයින් මේ සඳහා බඳවා ගෙන ඇති අතර, ඔවුන් වැන්ගර් කුලි හමුදාවේ සේවය සඳහා යොදවාගෙන ඇති බව සඳහන්ය.

එහිදි ඉදිරි ආරක්ෂක වළල්ලේ රාජකාරි සඳහා ඔවුන් යොදවා ඇති බව ද මාස ගණනකින් ඔවුන්ට හිමි වැටුප් පවා ලබා දී නොමැති බව ද අදාළ නිවේදනයේ සඳහන්ය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ශ්‍රී ලංකා රජයේ අනුමැතියකින් තොරව කිසිදු පුද්ගලයෙකු යුද සේවය සඳහා විදෙස් රටකට යොමුනොකරන බව මනූෂ නානායක්කාර අමාත්‍යවරයා පවසයි.

එබැවින් කිසිදු අවස්ථාවක සංචාරක වීසා මඟින් රැකියා සඳහා විදේශ ගත නොවන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලීමක් සිදුකරයි.

මේ අතර රුසියාවේ සහ යුක්‍රේනයේ කුලී හමුදා කඳවුරුවලට මෙරට හිටපු හමුදා සාමාජිකයින් යොමුකිරීමේ ජාවාරමකට අදාළව විශ්‍රාමික හමුදා නිලධාරින් දෙදෙනෙකු කුරුණෑගල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවේය.

හිටපු යුද හමුදා මේජර් ජෙනරාල්වරයෙකු සහ හිටපු යුද හමුදාවේ සැරයන්වරයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර අදාළ ජාවාරම් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන තවදුරටත් තිව්‍ර කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව පැවසුවේය.

-P.M

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us