O/L ප්‍රශ්න පත්‍රය මුදාහැරීමේ සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට

Published in පුවත්
Monday, 13 May 2024 08:34

අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රිසි ප්‍රශ්න පත්‍රය whatsapp සමූහයක් වෙත මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ය.

පොලිසිය පැවසුවේ, විභාග රාජකාරියේ නිරතව සිටි පුද්ගලයෙකු මහනුවරදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මේ අතර, ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය whatsapp හරහා බෙදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙකු ඊයේ මහනුවර කටුගස්තොට ප්‍රදේශයේදී අත් අඩංගුවට ගනු ලැබුවේ ය.

පොලිසිය පැවසුවේ, whatsapp සමූහයේ පරිපාලකවරයා ලෙස කටයුතු කල අයෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි.

පසුගිය 9 වැනිදා පැවැති ඉංග්‍රීසි විෂයට අදාළ විභාගය ආරම්භ වී සුළු වේලාවකට පසුව එම ප්‍රශ්න පත්‍රය whatsapp සමූහය වෙත මුදාහැර ඇති බවට මේ වන විට විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

මේ අතර, සාමාන්‍ය පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් අත්‍යවශ්‍ය ඉගැනුම් අන්තර්ගතයන්ට බාහිරව සකස් කර ඇතැයි සාමාජ මාධයේ සංසරණය වන පුවත සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති අතර එම විෂය සඳහා වන පාලක උත්තර පත්‍ර පරික්ෂාව සිදුකරමින් පවතින බවයි.

එහිදී යම් ගැටලුවක් අනාවරණය වුවහොත් අපේක්ෂකයින්ට කිසිදු අසාධරණයක් නොවන පරිදි සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත් විභාග දොපර්තමේන්තුව සිය පැහැදිලි කිරීමේන් අවධාරණය කර තිබේ.

මේ අතර, සාමාන්‍ය පෙළ විභාගයට කිසිදු බාධාවක් ඇති විය හැකි ආකාරයේ බරපතළ සිදුවීම් කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, විභාග නීති රීති උල්ලංඝණය කරන සහ විභාග වංචනික ක්‍රියාවල නියැලෙන අපේක්ෂකයින් සහ පුද්ගලයින් හඳුනාගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සැලසුම් කර ඇති බවයි.

හදුනාගනු ලබන එවැනි පුද්ගලයින් සදහා තරා තිරම නොබලා නීත්‍යානුකුල පියවර ගන්නා බවද විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

විභාග කොමසාරිස් ජෙනරාල්වරයා සිය නිවේදනයෙන් පෙන්වා දෙන්නේ, නිකුත් කර ඇති උපදෙස් ක්‍රියාත්මක කිරීම සඳහා දිවයිනම ආවරණය වන පරිදි විශේෂ අධීක්ෂණ නිලධාරීන් කණ්ඩායමක් යොදවා ඇති බවයි.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us