උණුසුම වැඩි වී යාපනය ප්‍රදේශයේ තවත් පුද්ගලයෙකු මරුට

Published in පුවත්
Monday, 13 May 2024 08:41

පවතින උෂ්ණාධික කාලගුණය හේතුවෙන් යාපනය ප්‍රදේශයේ තවත් පුද්ගලයෙකු මියගොස් තිබේ.

යාපනය ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ, යාපනය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකු එලෙස මියගොස් ඇති බවයි.

ඔහු දහවල් මිතුරන් පිරිසක් සමග මත්පැන් පානය කර නිවසෙට පැමිණි අවස්ථාවේ සිහිසුන්ව වැටී ඇති අතර පසුව ඔහුව රෝහල්ගත කර තිබේ.

උෂ්ණාධික කාලගුණය හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ පුද්ගලයින් කිහිපදෙනකු මීට පෙර මිය ගියේ ය.

වසර 08කට පසු මේ වසරේ දිවයිනේ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් කල විශ්ලේෂණයකදී අනාවරණයවී ඇතැයි එහි භූගෝල විද්‍යා අංශයේ අංශාධිපති මහාචාර්ය තිලක් විජේතුංග බණ්ඩාර මහතා සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ දේශගුණික හේතු කිහිපයක් හේතුවෙන් මෙවර උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බවයි.

උතුරු , උතුරුමැද හා නැගෙනහිර පළාත්වල පසුගිය සතියේ උෂ්ණත්වය සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 39 දක්වා ඉහළ ගිය බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රභල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව මධ්‍යම,සබරගමුව,නැගෙනහිර සහ ඌව පළාත්වල ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවනු ඇති.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, කොළඹ, ගම්පහ, පුත්තලම, මුලතිව් ,කිලිනොච්චි සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් අද රාත්‍රීයේ ප්‍රභල අකුණු ඇතිවන බවයි.

ඒ සම්බන්ධයෙන් අවදානය යොමු කර, අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ නැගෙනහිර පළාත් වලත්, බදුල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ක පමණ තද වැසි ඇති වන බවයි.

ඒ, ශ්‍රි ලංකා ආසන්න පහළ වායූගෝලයේ කැලඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් ය.

මේ අතර, පවතින වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල සහ රත්නපුර දිස්ත්‍රික්වල ප්‍රාදේශීය ලේකම් ⁣කොට්ඨාස කිහිපයකට නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කළ බවයි.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us