කුලියාපිටිය තරුණයාගේ ඝාතනයට පෙම්වතිය අත්අඩංගුවට Featured

Published in පුවත්
Monday, 13 May 2024 10:01

කුලියාපිටිය ප්‍රදේශයේ තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ පෙම්වතිය අත්අඩංගුවට ගෙන තිබේ.

ඝාතනයට ආධාර අනුබල දීම සහ අපරාධය වසන් කිරීමේ චෝදනා මත සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවේය.

අත්අඩංගුවට ගත් සැකකාරිය 18 හැවිරිදි වස්සාවුල්ල, ඉලුක්හින්න ප්‍රදේශයේ පදිංචිකාරියකි.

පසුගිය 22 වනදා කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයා සිය පෙම්වතිය බැලීම සඳහා කුලියාපිටිය වස්සාවුල්ල ප්‍රදේශයට ගොස් සිටිය දී අතුරුදන්වු තරුණයාගේ මළ සිරුර හලාවත මාදම්පේ ප්‍රදේශයේ තිබී පසුගිය දා සොයා ගැනුණි.

සිද්ධිය සම්බන්ධයෙන් කුලියාපිටිය වස්සාවුල්ල පදිංචි පෙම්වතියගේ පියා වන සුජිත් ප්‍රනාන්දු නොහොත් 'සිඟිති' නමැත්තා සහ ඔහුගේ බිරුඳ වන දිලානි රසිකා යන අය මීටපෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ - පනිරෙන්ඩාව ප්‍රදේශයේ තිබී සොයාගෙන තිබුනේ පසුගියාදය .

කැලෑවක තිබී අදාළ මළ සිරුර සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ.

කුලියාපිටිය - වෙරළුගම ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි 'සුසිත් ජයවංශ' නමැති තරුණයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණි.

පසුගිය 22 වැනිදා සිය මිතුරකු සමග කුලියාපිටිය වස්සාමුල්ල ප්‍රදේශයේ පදිංචි සිටි සිය පෙම්වතිය බැලීමට ගොස් තිබු සුසිත් නමැති මෙම තරුණයා පෙම්වතියගේ නිවස ආසන්නයේදී මිතුරාට යන ලෙසත් දුරකතන ඇමතුමක් ලබාදුන් විට යළි පැමිණෙන ලෙසත් පවසා තිබුණා.

කෙසේ වෙතත් එදිනෙන් පසු ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් වාර්තා වී නැහැ.

පසුව අනාවරණ වූයේ 'සුසිත් ජයවංශ' ගේ 18 හැවිරිදි පෙම්වතිය, ඇගේ මව, පියා මෙන්ම වයස අවුරුදු 08 සහ 12 යන වයස්වල පසුවන සහෝදරියන් දෙදෙනාද නිවසින් පළා ගොස් තිබු බවටයි.

ඒ අනුව ලද තොරතුරක් මත පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළා.

තොරතුරු ලද ප්‍රදේශ අනුව පොලිස් කණ්ඩායම් කිහිපයක් ද යොදවා පරීක්ෂණ ක්‍රියාත්මක කළ පොලිසිය අවස්ථා කිහිපයකදී සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගත්තා.

අතුරුදන්ව සිටි තරුණයාව ඝාතනය කර ඇති බවට අනාවරණය වූයේ ඉන්පසුවයි . අදාළ තරුණියගේ පියා වන සුජිත් ප්‍රනාන්දු නොහොත් 'සිඟිති' නමැත්තා ගේ මස්සිනා ද මෙම සිදුවීමෙන් අත්අඩංගුවට ගැනීමත් සමග සිද්දියේ සුළමුල හෙළිවිය.

ඔහු පවසා සිටියේ අදාළ තරුණිය මිය ගිය පුද්ගලයා සමග ප්‍රේම සම්බන්ධතාවයක් තිබු බවත් පසුව ඇය ඔහු අතින් ගැබ් ගෙන ඇති බවත් ,එහෙත් පෙම්වතා මෙම සිදුවීමත් සමග ඇයව බාර ගැනීමට අකමැතිව මග හරිමින් සිටිම හේතුවෙන් නිවසට ගෙන්වාගෙන පෙම්වතා ඝාතනය කර කැලයට ගෙනගොස් සිරුර දැමු බවත් ඔහු කියා සිටියේය..

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us