පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝග්‍රෑම් එක්ලක්ෂ හැත්තෑදහසක් හසුවේ

Published in පුවත්
Monday, 13 May 2024 10:14

මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝග්‍රෑම් එක්ලක්ෂ හැත්තෑදහසකට අධික ප්‍රමාණයක් වංචනික ලෙස ඇසුරුම් කිරීම සඳහා රැගෙන යමින් තිබියදී වැටලීමට පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් සමත්වී තිබේ.

එම සහල් තොගය අඩු ආදායම්ලාභී පවුල් සඳහා රජය මගින් බෙදාදීමට සැලසුම්කර තිබූ බව හෙළිවී ඇත.

පාරිභෝගික කටයුතු අධිකාරියේ අනුරාධපුර ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (12) දහවල් මෙම වැටලීම සිදුකර තිබුණි.

සහල් කිලෝග්‍රෑම් එක්ලක්ෂ හැත්තෑදහසකට අධික තොගයක් ලොරි රථ 08ක් මගින් කිරිඉබ්බෑව ප්‍රෙද්ශයේ පිහිටි පෞද්ගලික සහල් මෝලක් වෙත රැගෙන ගොස් නැවත ඇසුරුම්කරමින් සිටියදී මෙම වැටලීම සිදුකර ඇත.

එම සහල් අසුරා තිබූ ඇසුරුම්වල සටහන්ව තිබූ දිනය පසුගිය 30වනදා වනවිට අවසන්ව තිබූ අතර මිනිස් පරිභෝජනයට නුසුදුසු එම සහල් යන්ත්‍රානුසාරයෙන් පිරිසිදු කර කල් ඉකුත්වීමේ දිනය ඉදිරි දින 30ක් සඳහා වලංගුවන පරිදි නැවත සකස්කර තිබුණි.

සහල් තොගය රජය මගින් අඩු ආදායම්ලාභී පවුල් සඳහා නොමිලයේ සහල් බෙදාදීමේ වැඩසටහනට යොදාගැනීමට සැළසුම්කර තිබූ බව මූලික පරීක්ෂණ වලදී අනාවරණ වී ඇත.

පාරිභෝගික අධිකාරිය භාරයට ගත් සහල් තොගය සීල් තබා ඇති අතර සහල් මෝලෙහි හිමිකරුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us