PMD අධ්‍යක්ෂවරයාට එරෙහිව අල්ලස් කොමිසම ක්‍රියාත්මක වේ Featured

Published in පුවත්
Tuesday, 14 May 2024 10:56

ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය අධ්‍යක්ෂවරයකු අල්ලස් ඉල්ලීම සහ ඒ පිළිබඳ පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරයකු මුහුණු පොතේ (ෆේස්බුක්) සටහනක් තැබීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලිඛිතව දැනුම් දීමත් සමග මෙම පරීක්ෂණය ආරම්භ කර තිබේ.

ප්‍රාදේශීය ලේකම්වරයා සිය ෆේස්බුක් සටහනේ සඳහන් කර ඇත්තේ ජනාධිපති කාර්යාලයේ මාධ්‍ය අධ්‍යක්ෂවරයකු යැයි කියා ගන්නා පුද්ගලයකුගෙන් තමාගේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පදිංචි පුද්ගලයකුගේ අංකය ඉල්ලා ඇමතුමක් ලැබුණු බවත් එම පුද්ගලයාට පසුගියදා ඔහුගේ ඉඩම රජයට පවරා ගැනීමෙන් පසු ලැබිය යුතු රුපියල් මිලියන 5ක වන්දිය නොලැබුණු බවත්ය.

එමෙන්ම මාධ්‍ය අධ්‍යක්ෂවරයා ප්‍රාදේශීය ලේකම්වරයාට දන්වා තිබුණේ වන්දි මුදල් ලබාදීමට එරෙහිව තමන්ට පෙත්සමක් ලැබී ඇති බවත් පරීක්ෂණයක් අවසන් වනතුරු එම වන්දි මුදල අත්හිටුවන ලෙසත්ය.

මෙය ප්‍රාදේශීය ලේකම්වරයාට කරදරයක් වී ඇති බැවින් ඔහු පෙත්සමේ පිටපතක් තමාට එවන ලෙස මාධ්‍ය අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලා ඇති අතර වන්දි මුදල් ප්‍රදානය කළ පුද්ගලයාගේ තොරතුරු ඔහු සතුව තිබුණද ඒවා ජනාධිපති කාර්යාලයේ නිලධාරියාට ලබා දී නොමැත.

කෙසේ වෙතත් ප්‍රාදේශීය ලේකම්වරයා අදාළ ඉඩමට වන්දි ලබා දුන් පුද්ගලයාට කතා කර කරුණු විමසීමේදී එම පුද්ගලයා පවසා ඇත්තේ මාධ්‍ය අධ්‍යක්ෂවරයා හඳුනන බවය. පසුව ප්‍රාදේශීය ලේකම්වරයා විසින් එම පුද්ගලයාට මාධ්‍ය අධ්‍යක්ෂවරයාගේ දුරකථන අංකය ලබා දී තිබේ.

පසුව එම පුද්ගලයා කතා කර ප්‍රාදේශීය ලේකම්වරයාට පවසා ඇත්තේ "එයා (මාධ්‍ය අධ්‍යක්ෂ) මගෙන් වන්දි මුදල් කප්පාදුවක් ඉල්ලනවා” යනුවෙනි.

ප්‍රාදේශීය ලේකම්වරයා එම පුද්ගලයාට පවසා ඇත්තේ රජය තම ඉඩමට වන්දි ලබාදී ඇත්තේ සම්පූර්ණ තක්සේරුවක් මත බවත් එම මුදලින් සතයක්වත් කිසිවකුට නොදෙන ලෙසයි.

ඒ අනුව ප්‍රාදේශීය ලේකම්වරයා සිය ෆේස්බුක් සටහනේ අවසානයේ සදහන් කර ඇත්තේ “ජනාධිපතිතුමාගේ මාධ්‍ය අධ්‍යක්ෂවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් අතකොළු කරගෙන අල්ලස් ඉල්ලන මට්ටමට දියුණු වෙලා” යනුවෙනි.

කෙසේ වෙතත් අල්ලස් ඉල්ලූ බවට චෝදනා එල්ල වී ඇති මාධ්‍ය අධ්‍යක්ෂවරයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුවන අතර අවශ්‍ය ස්ථානවලට දැනුවත් නොකර මේ පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් තැබීමට එරෙහිව ප්‍රාදේශීය ලේකම්වරයාට එරෙහිවද පරීක්ෂණයක් පැවැත්වේ.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us