ලෝක මාධ්‍ය නිදහසේ අංක එකේ රට තෝරයි

Published in පුවත්
Tuesday, 14 May 2024 12:29

ලෝක මාධ්‍ය නිදහස සඳහා වන දේශසීමා රහිත වාර්තාකරුවන්ගේ දර්ශකයේ නෝර්වේ පළමු ස්ථානයට පත්වී ඇති බව විදෙස් වාර්තා සදහන් කලේය.

පසුගියදා පැවති ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය නිමිත්තෙන් නිකුත් කර ඇති රටවල් 180ක් ඇතුළත් කරගනිමින් මෙම සමීක්ෂණය සිදු කර තිබේ.

එහි දී එරිට්‍රියාව අවසන් ස්ථානයට පත්වී ඇතැයි ද එම වාර්තා වල සදහන් වන අතර ඩෙන්මාර්කය දෙවැනි තැනටත්, ස්වීඩනය හා නෙදර්ලන්තය තුන්වැනි හා සිව්වැනි ස්ථානවලට පත්වී ඇති අතර, ෆින්ලන්තය පස්වැනි තැන පසුවන බව වාර්තා වේ.

එම දර්ශකයේ පළමු ස්ථාන 18 යුරෝපා රටවලට හිමිවී ඇති අතර, දකුණු ආසියාතික රටවල් අතරින් පළමු 100 අතරට එක්වී ඇත්තේ නේපාලය බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

හොංකොං පෝස්ට් පුවත් සේවය වාර්තා කළේ, ඇෆ්ගනිස්තානය, සිරියාව සහ ඉරානය වැනි මාධ්‍ය සිරකරුවන් සිටින අවසන් රටවල් 10 අතර චිනය 172 ස්ථානයේ සිටින බව වාර්තා වේ. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරැකීමේ අමෙරිකානු සංවිධාන 2023 වාර්තාවකට අනුව චීනයේ මේ වන විට මාධ්‍යවේදීන් 100කට අධික සංඛ්‍යාවක් සිරගත කර ඇති බවයි.

එම දර්ශකයේ මාලදිවයිනට 106 වැනි ස්ථානය හිමිවී ඇති අතර, ශ්‍රී ලංකාව 150 වැනි ස්ථානයේද, පාකිස්තානය 152 වැනි ස්ථානයේ ද, ඉන්දියාව 159 වැනි ස්ථානයේ ද පසුවන බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us