නකල්ස් කැලේ ෆේස්බුක් සාද දැමු තරුණ තරුණියෝ අත්අඩංගුවට

Published in පුවත්
Tuesday, 14 May 2024 13:58

නකල්ස් රක්ෂිතයේ අනවසරයෙන් ගිනිමැල පත්තුකරමින් කූඩාරම් ගසාගෙන සිටි තරුණියන් 05 දෙනෙකු සහ තරුණයන් 17 දෙනෙකු අත්අඩංගුවට ගත් බව හුන්නස්ගිරිය අඩවි වන නිලධාරී කාර්යාලය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් බණ්ඩාරවෙල, කොළඹ, බදුල්ල, මහනුවර ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, අවුරුදු 20 – 30 ත් අතර පසුවන තරුණ තරුණියන් බව සදහන් වේ.

එමෙන්ම, මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර, විශ්වවිද්‍යාල සිසුන්, ආරක්ෂක අංශයට සම්බන්ධ යැයි කියන පුද්ගලයෙකු සහ පෞද්ගලික අංශයේ රැකියාවල නියුතු පුද්ගලයන්ද සිටියි.

මෙම කණ්ඩායමේ කිහිපදෙනකුගේ සම්බන්ධීකරණයෙන් ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තරුණ තරුණියන් මෙම කූඩාරම් ගැසීමට සම්බන්ධවී නකල්ස් රක්ෂිතයට මෙසේ අනවසරයෙන් ඇතුළුවී ඇති බව අනාවරණය වී තිබේ.

මෙම කණ්ඩායම රාත්‍රියේ නකල්ස් රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වී මෙසේ කූඩාරම් ගසාගෙන සිට ඇති අතර, සංරක්ෂිත රක්ෂිතය ඇතුළත ගිනි මැල දල්වා සාද පවත්වා ඇති බව සිදුකල විමර්ශනවලදී අනාවරණය වී තිබෙන අතර අත්අඩංගුවට ගත් එම පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us