දිවයින පුරා පාසල් පර්ෂද 1220ක් සහ ඒවා අධීක්ෂණයට පාසල් මණ්ඩල 350ක්

Published in පුවත්
Tuesday, 14 May 2024 19:31

අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණවල මූලික අදියර යටතේ දිවයින පුරා පාසල් පර්ෂද 1220ක් නිර්මාණය කර ඒවායේ අධීක්ෂණ කටයුතු සඳහා පාසල් මණ්ඩල 350ක් නිර්මාණය කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.


ඒ සඳහා වන අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කර ඊට අදාළ චක්‍රලේඛය ඉදිරියේ දී නිකුත් කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (14) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.


''මා අධ්‍යාපන අමාත්‍යාංශය වසර දෙකකට පෙර බාර ගන්නා අවස්ථාව වන විට ඉන්ධන පෝලිම් නිසා දරුවන්ට පාසල් යාමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබුණා. පිළිතුරු පත්‍ර පරීක්ෂකවරුන්ට ඒ සඳහා ගමන් පහසුකම් සපයා ගැනීමටවත් ඉන්ධන තිබුණේ නැහැ. ඒ වගේම පැය 14ක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක වූ නිසා දරුවන්ට අධ්‍යාපන කටයුතුවල නිරතවීමට නොහැකි වුණා. ඒ අතර වරින් වර පාසල් වැසීමට සිදුවුණා.
කොවිඩ් - 19 වසංගතය හමුවේ පාසල් වසා දැමීම නිසා ද අධ්‍යාපන කටයුතු අඩාල වුණා. විභාග පැවැත්වීමට සහ ප්‍රථිපල නිකුත් කිරීම ද නිසි වේලාවට සිදු කරගත නොහැකි වුණා. ඉන් පසු ආර්ථික අර්බුදය උග්‍ර වීමත් සමඟ අධ්‍යාපන ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල වුණා.
නමුත් මේ වන විට එම තත්ත්වය බොහෝ දුරට සමනය කිරීමට හැකි වී තිබෙනවා. ඒ අනුව මේ වර්ෂයට අදාළ පෙළ පොත් සහ නිල ඇඳුම් සියල්ල බෙදා අවසන් කර තිබෙනවා. විභාග කටයුතු ක්‍රමානූකූලව සාමාන්‍ය තත්ත්වයට ගෙන එමින් තිබෙනවා. ඒ සඳහා සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මාසයේ සහ උසස් පෙළ විභාගය අගෝස්තු මාසයේ දී පැවැත්විය යුතුයි. මේ සම්බන්ධයෙන් පළාත් බලධාරීන් සහ අදාළ පාර්ශ්ව ගණනාවක් සමඟ අප සාකච්ඡා කළා. එහි දී ඉදිරිපත්පත් වූ යෝජනා අනුව අප දැන් කටයුතු කරමින් සිටිනවා. ඒ අනුව දෙසැම්බර් මාසයේ පැවැත්වීමට තිබූ සාමාන්‍ය පෙළ විභාගය හෙට දිනයෙන් අවසන් වනවා. උත්තර පත්‍ර පරීක්ෂා කිරීම ඒ සමඟ ආරම්භ කෙරෙනවා.
ප්‍රථිපල නිකුත් කිරීමට පෙර සාමාන්‍ය පෙළ අවසන් කළ දරුවන් වෙනුවෙන් උසස් පෙළ පන්ති ආරම්භ කරනවා. මෙවර සාමාන්‍ය පෙළ විභාගයට සිසුන් 452,000ක් පමණ පෙනී සිටිනවා. ඉන් 388,000ක් පාසල්වල ප්‍රථම සහ දෙවන වතාවට පෙනී සිටින දරුවන් බව පැවසිය යුතුයි. ඒ අනුව එම සිසුන් පිරිසට ජූනි මාසයේ පළමු සතියේ දී උසස් පෙළ පන්තිවලට ඇතුළත්වීමට අවස්ථාව හිමි වනවා. ඒ සඳහා අවශ්‍ය අමාත්‍ය මණ්ඩල අනුමැති මේ වන විටත් ලබා ගෙන තිබෙනවා. ඊට අදාළ චක්‍රලේඛය 15 වනදා නිකුත් කරනවා. එම විභාග අවසන් කිරීමෙන් පසුව සාමාන්‍ය පාසල් කටයුතු මැයි මස 20 වනදා ආරම්භ කරනවා.
ඒ වගේම අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණවල මූලික අදියරට අප පැමිණ සිටිනවා. ඊට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කොට එහි චක්‍රලේඛය ඉදිරියේ දී නිකුත් කිරීමට නියමිතයි. ඊට අනුව දිවයින පුරා පාසල් පර්ෂද 1220ක් නිර්මාණය කෙරෙන අතර ඒවායේ අධීක්ෂණය සඳහා පාසල් මණ්ඩල 350ක් නිර්මාණය වනවා. ඉදිරියේ දී පවතින අධ්‍යාපන කළාප 100 ක්‍රමානුකූව වැඩි වීමට ද නියමිතයි. පාසල් පර්ෂ ද මුල්කරගනිමින් 01 වසර සිට 11 වසර දක්වා පන්ති තිබෙන පාසල්වල සිසුන් උසස් පෙළ සඳහා ඒ පර්ෂදයේ විෂය ධාරා පවතින ප්‍රමුඛ පාසල් සඳහා අනුයුක්ත කිරීමට හැකි වන පරිදි පාසල් බලධාරීන්ට බලය ලබා දීමක් ද මෙහිදී සිදු වනවා.

එමෙන්ම ගුරු පුරප්පාඩු පිරවීම සඳහා රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, ගණිතය සහ තාක්ෂණ විෂය ධාරාව මෙන්ම විදේශ භාෂා පිළිබඳ උපාධිධාරීන්ට සම්මුඛ පරීක්ෂණ පවත්වා තිබෙනවා. එම සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගී වූ 7000ක පමණ පිරිස අතුරින් 3000කට වැඩි පිරිසකට විෂය ගැලපීම මත පත්වීම් ලබාදීමේ කටයුතු ද මේ මේ වන විට සකස් කෙරෙමින් තිබෙනවා. ඔවුන් පුහුණුවකින් පසුව ජූනි පළමු වනදා වන විට පාසල්වලට යොමු කෙරෙනවා. මේ හරහා විද්‍යා හා තාක්ෂණ විෂය ධාරවන්වල ගුරු ඌනතාවය යම් ප්‍රමාණයකට විසඳෙන බව පැවසිය යුතුයි. අධිකරණ නියෝග මත අත්හිටුවා තිබූ පළාත් ගුරු පත්වීම් ආශ්‍රිත ගැටළු ද මේ වන විට විසඳෙමින් පවතිනවා.

ඒ වගේම විදුහල්පති ගැටළු විසඳීම සඳහා අප විසින් කමිටුවක් පත් කළා. විදුහල්පති වෘත්තීය සංගම් එකඟ වූ නිර්දේශ ඇතුළත් ප්‍රධාන කරුණු පිළිබඳව අමාත්‍ය මණ්ඩල සංදේශය මේ වන විට ඉදිරිපත් කර තිබෙනවා. විදුහල්පති දීමනා, අධි ශ්‍රේණි ඇති කිරීම සහ තවත් ප්‍රායෝගික කරුණු කිහිපයක් එම අමාත්‍ය මණ්ඩල සංදේශයේ ඇතුළත් බව ද පැවසිය යුතුයි.
තවද අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු රාශියක් පැවතුණා. ඉන් 404ක් සඳහා සීමිත තරග විභාග ප්‍රථිපල අනුව බඳවා ගැනීමට නියමිත සම්මුඛ පරීක්ෂණ ලබන සතියේ ආරම්භ කරනවා. එමෙන්ම ගුරු අධ්‍යාපනඥ සේවයේ 800ක් බඳවා ගැනීම සඳහා වන දෙවන සම්මුඛ පරීක්ෂණය ද ඉදිරියේ දී පැවැත්වීමට නියමිතයි. ගුරු විද්‍යා පීඨ, විශ්ව විද්‍යාල බවට පත් කිරීමේ කෙටුම්පතෙහි ද නීති කෙටුම්පත් සම්පාදක කටයුතු අවසන් කර තිබෙනවා.''  යනුවෙනි. 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us