අනධ්‍යයන සේවක වැඩවර්ජනයෙන් දරුවන්ගේ අධ්‍යාපනය අර්බුදයක

Published in පුවත්
Tuesday, 14 May 2024 19:41

අනධ්‍යයන සේවක වැඩවර්ජනය හේතුවෙන් මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය දැවැන්ත අර්බුදයකට පත්ව ඇති බවත් දරුවන් ගැන සිතා සේවයට වාර්තා කරන ලෙස සියලුම අනධ්‍යයන සේවකයන්ගෙන් ඉල්ලීමක් කරන බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා අද (14) පැවසීය.

කොළඹ 7, පිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා කාර්යාලයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එම කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා එසේ පැවසීය.

අනධ්‍යයන සේවක වැඩවර්ජනය හේතුවෙන් අධ්‍යයන කටයුතුවලට බලපෑම් ඇතිවීමෙන් මේ වන විට විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු මාර්ගගත ක්‍රමයට ක්‍රියාත්මක වන බවත් රජරට විශ්වවිද්‍යාලයේ 3,500 ක් පමණ වන නේවාසික සිසු සිසුවියන් නේවාසිකාගාරවලින් පිටව ගොස් ඇති බවත් අමරතුංග මහතා කීය.

‘කොවිඩ්’ වසංගතයෙන් දැඩි අපහසුතාවට පත්ව සිටි දරුවන් 2022 වසරට නියමිත උසස් පෙළ විභාගයට 2023 වසරේ පෙනී සිට විශ්වවිද්‍යාලවල පළමු වසරේ අධ්‍යාපනය ලබන බවත් 2023 වසරේ විභාගය මෙම වසරේ පවත්වා මේ මස ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිත බවත් ඒ මහතා කීය.

අනධ්‍යයන සේවක වැඩවර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන ශිෂ්‍ය අත්පොත සකස් කිරීමේ කටයුතු ඇනහිටීමෙන් දරුවන් විශ්විද්‍යාලයට ඇතුළත් කරගැනීම ප්‍රමාදවී බව කී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා වර්ජනය හේතුවෙන් එසේ විශ්වවිද්‍යාල ප්‍රවේශය ප්‍රමාද වීම සහ අධ්‍යයන කටයුතු ඇන හිටියහොත් එම කණ්ඩායම් දෙකම පළමු වසරේම රැදී සිටීමේ අවදානමක් ද ඇති බව ද සඳහන් කළේය.

මේ අතර මෙම වඩ වර්ජන හේතුවෙන් විශ්ව විද්‍යාල වල කටයුතු අඩපණ වී ඇති බවට වෘත්තිය සමිති විසින් කොතරම් උදම් ඇනුවත් , මේ වන විටත් විශ්වවිද්‍යාල වල කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින බව විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය පෙන්වා දෙයි.

ඒ අනුව විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය විසින් අධ්‍යාපන කටයුතු මාර්ගගත ක්‍රමයේ ඔස්සේ සිදු කිරීමට තීරණය කර ඇත. ඇතැම් විශ්ව විද්‍යාල වල භෞතිකවම අධ්‍යයන කටයුතු සිදුවේ.

මේ අනුව විශ්ව විද්‍යාල වල අධ්‍යාපන හා පරිපාලන කටයුතු සියයට 75 කට වඩා ක්‍රියාත්මක වීම නිසා, මේ වනවිට ආරංචි මාර්ග සඳහන් කරයි, විදුලිය විසන්ධි කිරීම, ජලය කැපීම, සතුන්ට ආහාරපාන ලබාදීම නතර කිරීම හා දේශන ශාලාවලට අගුල් දෑමීම ආදී ක්‍රියාකාරකම් වලට වර්ජකයන් සැලසුම් කරන බවට තොරතුරු හෙළිදරව් වන බවත් පැවැසේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us