ටයර් දාල පුච්චනවා... ඇමැති ශෙහාන්ට මරණ තර්ජන, පැරැණි ඝාතන සංස්කෘතියක හිස එසවීමක් ද?

Published in පුවත්
Thursday, 16 May 2024 12:43

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහව ඝාතනය කරන බව පවසමින් රාජ්‍ය අමාත්‍ය කාර්යාලය වෙත ලැබුණු දුරකතන ඇමතුමක් ලැබී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ පැමිණිලකට අනුව කොටුව පොලීසිය මේ වන විට විමර්ශන ආරම්භ කර ඇත. ඊයේ පස්වරුවේ අදාළ ඇමතුම ලැබී ඇති අතර එමගින් පවසා ඇත්තේ ඉදිරි මැතිවරණ කටයුතු සඳහා ඉදිරිපත් වීමට අමාත්‍යවරයාට ඉඩ නොතබන බවයි.

තමා සතුව ‘ආයුධයක්‘ ඇති බවත් මෙම තර්ජනය නොසලකා හැර කටයුතු කළ හොත් ‘ටයර් දමා පුළුස්සන බවත්‘ කියමින් අදාළ පාර්ශ්වය මගින් තර්ජනය කළ බව කොටුව පොලීසිය වෙත කළ පැමිණිල්ලේ සඳහන් වෙයි. තර්ජනය සිදු කළ පුද්ගලයාගේ දුරකතන අංකය පිළිබඳ විස්තර සොයා බැලීම සඳහා අධිකරණය අවසර ගැනීම පොලීසිය විසින් අද දිනය තුළ සිදු කිරීමට නියමිත ය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කළේ මෙය පැරැණි ඝාතන සංස්කෘතියක නව හිස වීමක් විය හැකි බවයි. දේශපාලනික වශයෙන් සිය ගමන අඩපණ කිරීම සඳහා මෙම ක්‍රියාව සංවිධානාත්මකව සිදු කරන එකක් විය හැකි බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ. අරගලය නමින් සිය නිවාස ගිනිබත් කරන අවස්ථාවේ දී පවා නොබියව දේශපාලන ප්‍රතිපත්තිය වෙනුවෙන් පෙනී සිටි තමාගේ දේශපාලන ගමන මෙවැනි බියගුලු ක්‍රියා මගින් ආපස්සට හැරවිය නොහැකි බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

Last modified on Thursday, 16 May 2024 12:45

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us