ගිගුරුම් සහිත තද වැසි තවදුරටත්

Published in පුවත්
Friday, 17 May 2024 06:47

ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පෙර මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරි කාලගුණය පිළිබඳ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

දිවයිනේ සෙසු ප්‍රදේශවල දහවල් 12.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවත් ඔවුන් පෙන්වා දෙයි..

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල, විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම් දිස්ත්‍රික්කවලත් තද වැසි තද සුළං ඇති විය හැකි බව ද එහි වැඩිදුරටත් සඳහන් වේ.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල තද සුළං සමඟින් තද වැසි පැවතිය හැකිය. පවතින වර්ෂා තත්ත්වය හේතුවෙන් බදුල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය, රත්නපුර දිස්ත්‍රික්කවල හල්දුම්මුල්ල, හපුතලේ, ඇල්ල, බදුල්ල, හාලිඇළ, අගලවත්ත, උඩපළාත, උඩුනුවර, යටිනුවර, බුලත්කොහොපිටිය, දෙහිඕවිට, වරකාපොළ, යටියන්තොට, ගලිගමුව, මාවනැල්ල, කෑගල්ල, මාවතගම, උකුවෙල, රත්තොට, කොත්මලේ, කලවාන, රත්නපුර, ඉඹුල්පේ, බළන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑම් පිළිබඳ විමසිලිමත් වීමේ පළමු අදියරේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය නිකුත් කර තිබේ. මෙය අද (17) පස්වරු 4.00 දක්වා වලංගු වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us