විදුලිය බිල අඩුකිරීමේ ප්‍රතිශතය ජුලි මාසයේදී ප්‍රකාශයට

Published in පුවත්
Friday, 17 May 2024 09:43

විදුලි බිල අඩු කිරීම සම්බන්ධයෙන් වන යෝජනා භාරදීම සඳහා අද (17) දක්වා කාලය ලබාදෙන ලෙස විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබේ.

එම යෝජනා මැයි මස 1 වැනිදා කොමිසමට ලබාදීමට නියමිතව තිබුණද, විදුලිබල මණ්ඩලයේ ඉල්ලීමක් මත එම කාලය පසුගිය 10 වැනිදා දක්වා දීර්ඝ කිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව කටයුතු කලේය.

එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු කියා සිටියේ පසුගිය 10 වෙනිදා ද ලංකා විදුලිබල මණ්ඩලය අදාළ යෝජනා කොමිසමට ඉදිරිපත් නොකළ බවයි.

කොමිසම යෝජනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයට යළි සිහිකැඳවීමක්ද කර තිබේ.

ඒ පිළිබඳ වන යෝජනා ලැබීමෙන් පසු විදුලි බිල අඩු කිරීම සඳහා ක්‍රියාදාමය ආරම්භ කිරීමට නියමිත බවයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කළේ.

ඒ අනුව විදුලිය බිල අඩු කිරීමේ ප්‍රතිශතය ලබන ජුලි මාසයේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතය

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us