ජංගම දුරකථනයට ඇබ්බැහිවීම ඛේදවාචකයක් - මෙටා සමාගමෙනුත් විධිමත් පරීක්ෂණ

Published in පුවත්
Friday, 17 May 2024 09:54

ජංගම දුරකථනයට ඇබ්බැහිවීම හරහා ඇතැම් සිසුන් තම විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු පවා අතරමඟ නතර කර ඇති බව අනාවරණය වී තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය දේවිකා යසාංජලි ජයතිලක සඳහන් කළේ දරුවන් ජංගම දුරකථන භාවිතය සම්බන්ධයෙන් මව්පියන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවය.

ජංගම දුරකථනය ලබාදීම වෙනුවට සිදුකළ යුත්තේ දරුවන් ක්‍රීඩා සෞන්දර්ය සඳහා සහ පරිසරය රසවිඳීමට හුරුකරවීම බවද මහාචාර්ය දේවිකා යසාංජලි ජයතිලක සඳහන් කළාය.

එමෙන්ම මෙටා සමාගම සතු වේදිකා ළමුන් තුළ ඇබ්බැහි හැසිරීම් ඇති කරයි යන සැකය මත යුරෝපා සංගමය පසුගිය දා Facebook සහ Instagram පිළිබඳව විධිමත් පරීක්ෂණයක් ද ආරම්භ කර තිබේ.

ඔන්ලයින් යුරෝපීය පරිශීලකයින් ආරක්ෂා කිරීමට සහ නීතිවිරෝධී අන්තර්ගතයන් මැඩපැවැත්වීමට ලොව විශාලතම තාක්ෂණික සමාගම්වලට බල කරන ඩිජිටල් සේවා පනත (DSA) නමින් හැඳින්වෙන දැවැන්ත නීතියක් යටතේ එම පරීක්ෂණය සිදු කෙරෙන බව සඳහන්.

මෙය මෙටා සමාගම පිළිබඳ කෙරෙන දෙවන පරීක්ෂණයවේ.

ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් හි ප්‍රචාරයවන සාවද්‍ය තොරතුරුවලට එරෙහිව කටයුතු කිරීමට අපොහොසත් බව චෝදනා කරමින්, පසුගිය මාසයේ යුරෝපීය සංගමය මගින් පරීක්ෂණයක් දියත් කෙරිණි .

තරුණ යුරෝපීයයන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍යයට අහිතකර බලපෑම් ඇතිවීමේ අවදානම අවම කිරීම සඳහා මෙම විමර්ශනය සිදු කරන බව යුරෝපා සංගමය පවසයි.

කෙසේ වෙතත් තරුණ පරිශීලකයින් ආරක්ෂා කිරීමට මෙටා සමාගම කටයුතු කරන බවට මෙටා ප්‍රකාශකයෙකු පවසා තිබේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us