බැක්ටීරියා අවදානමක් ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇගවීමක්

Published in පුවත්
Friday, 17 May 2024 11:07

ටයිපොයිඩ් නම් බැක්ටීරියාව මේ දිනවල පුද්ගලයන් අතර ව්‍යාප්තවීමේ අවධානමක් ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

ටයිපොයිඩ් උණ හෙවත් උණ සන්නිපාතය ඇති වනුයේ Salmonella enterica serovar Typhi නම් බැක්ටීරියාව මගිනි. මෙය ලොව පුරා බහුලව ඇති අතර රෝගය ව්‍යාප්ත වන්නේ ආසාදිත රෝගියෙකුගේ මළද්‍රව්‍ය මගින් අපවිත්‍රවු ආහාර හෝ ජලය පරිභෝජනයට ගැනීමෙනි. මෙලෙස ශරීර ගත වන බැක්ටීරියාවන් රුධිරය තුල ගුණනය වී ආහාර ජීරණ පද්ධතිය තුලට අවශෝෂණය වීමෙන් පසුව මළ පහ සමග පිටතට බැහැර කෙරේ. මෙම ජීවි විශේෂය ග්‍රෑම් වර්ණකයෙන් වර්ණ නොගැන්වෙන කුඩා දන්ඩක හැඩ ඇති බැක්ටිරීයාවක් වන අතර එහි ඇති කෂිකාව මගින් චලනය සිදු කර ගනී. මේ බැක්ටිරීයාව 370 C වු උෂ්ණත්වයෙහි හොදින් වර්ධනය වේ

විශේෂයෙන් නිවෙස්වල පිසින ලද ආහාර පරිභෝජනයට නොගන්නා සහ බාහිර ස්ථානවලින් ආහාර ගන්නා පිරිස මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දැනුම් දීමක් කරති.

මෙම බැක්ටිරියාව ආසාදිත පුද්ගලයකු ආහාර පාන සකසා දීමේදී ඔහුගෙන් මෙය තවත් කෙනකුට බෝවීමේ අවධානමක් පවතියි.

එම නිසා හැකි සෑම විටම නිවෙස්වල පිසින ලද ආහාර පාන ලබා ගැනීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මෙම බැක්ටීරියාව ආසාදනය වු විට ක්‍රමයෙන් වැඩිවන උණ, හෘද ස්පන්දනය අඩුවීම, වෙහෙසකාරි බව සහ කැස්ස, හිසරදය, මලබද්ධය වැනි රෝග ලක්ෂණ ඇතිවිය හැකියි.

ටයිපොයිඩ් බැක්ටීරියාව ආසාදනය වු පුද්ගලයන්ට සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල මගින් අදාළ එන්නත් නොමිලයේ ලබා ගැනීමට හැකියාවද පවතියි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us