තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මානවලට රු. මිලියන 1600ක් ලබා දීමට පියවර

Published in පුවත්
Friday, 17 May 2024 10:13

මෙම වසර තුළ සෑම දිස්ත්‍රික්කයකටම තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන 06ක් බැගින් දිස්ත්‍රික්ක 25 තුළ ගම්මාන 160ක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් ඒ සඳහා රුපියල් මිලියන 1600ක මුදලක් වෙන් කිරීමට නියමිතය.

ඒ අනුව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා පවසන්නේ දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන 160ක් පිහිටුවීමේ වැඩ සටහන ක්‍රියාත්මක කරන අතර එක් ගමකට රුපියල් මිලියනයක මුදලක් පළමු අදියර යටතේ ලබා දීමට කටයුතු යොදා ඇති බවය.

තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තය සඳහා ආකර්ශණය කර ගැනීම මෙහි අරමුණ වන අතර ඔවුන්ට නව කෘෂි තාක්ෂණය හඳුන්වා දීම, දේශීය වෙළෙදපළ මෙන්ම අපනයනය ඉළක්ක කරමින් කෘෂිකාර්මික කටයුතු සිදු කිරීම මෙන්ම ඉහළ ඉල්ලුමක් පවතින කෘෂි නිෂ්පාදන සඳහා තරුණ ප්‍රජාව යොමු කිරීම මෙම වැඩ පිළිවෙළෙහි අරමුණු අතර වේ.

මෙම වැඩ සටහන සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. එමෙන්ම මේ සඳහා අවශ්‍ය සියලු මුල්‍ය ප්‍රතිපාදන රජය විසින් මෙම වසර සඳහා ලබා දී තිබේ. ඒ අනුව රුපියල් මිලියන 1600ක මුදලක් තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන සඳහා ලබා දීමට සැලසුම් කර ඇත.

මේ යටතේ එළවළු, පලතුරු, අනෙකුත් බෝගවර්ග, වැවිලි බෝග, මත්ස්‍ය නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්ත, ආරක්ෂිත ගෘහ තුළ වගා කිරීම, පශු සම්පත් ආශ්‍රිත නිෂ්පාදන ආදි කර්මාන්ත සඳහා වන ව්‍යාපෘති මෙම ගම්මාන තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර අප රටේ ගොවිතැනින් තරුණ ප්‍රජාව ඈත් වෙමින් සිටින තත්ත්වයක් උද්ගතව ඇතැයි අවධාරණය කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට ආකර්ශණය කර ගැනීමට නම් ඒ කෙරෙහි ඔවුන් තුළ විශ්වාසය තහවුරු කළ යුතුයි. මේ සම්බන්ධව මම අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කළා. විශේෂයෙන් තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩ සටහන ගැන මම ව්‍යාපෘති වාර්තාව ඉදිරිපත් කළා. මේ සම්බන්ධව රජය යහපත් ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා.

ඒ නිසා මෙම වැඩ සටහන ක්‍රියාත්මක කිරීමට සියලු දෙනාගේ සහයෝගය ලැබිය යුතුයි යැයි ද අමාත්‍යවරයා පැවසීය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us