මෙවර වෙසක් සමරන්න තොරණ රැසක් සූදානමින්

Published in පුවත්
Monday, 20 May 2024 12:57

මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් දර්ශනීය තොරණ 12ක් කොළඹ ආශ්‍රිතව ප්‍රදර්ශනය කෙරේ.

මෙම තොරණ මහරගම, කොට්ටාව, හෝමාගම, කිරිබත්ගොඩ, පෑලියගොඩ නවලෝක, පෑලියගොඩ මාළු මාකට්, තොටළඟ, මරදාන මරියකඩේ, කොස්ගස්හන්දිය, දෙමටගොඩ හා කැලණියේ ඉදිවෙමින් පවතී.

එමෙන්ම ලංකාවේ කාන්තාවන් නිර්මාණය කළ ප්‍රථම තොරණ වන පල්ලෙබැද්දේ ජනනි අලුදෙණිය නිර්මාණය කළ තොරණ ගොඩකවෙලදී ප්‍රදර්ශනය කෙරේ.

ලෝකයේ ලොකුම තොරණ ලෙස පාණදුර ඉදිවන තොරණේ උස අඩි 82ක් වන අතර පළල අඩි 86කි.

එසේම ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති කාර්යාලය හා අගමැති කාර්යාලය එක්ව පවත්වන බුද්ධ රශ්මි වෙසක් මංගල්‍යය 23 වැනිදා සිට 26 වැනිදා දක්වා පැවැත්වේ.

එහිදී ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ බොදු බැති ගී සංදර්ශනය මෙන්ම දර්ශනීය තොරණක් මෙන්ම බත් දන්සලක් ද පැවැත්වේ.

අරලියගහ මන්දිර පරිශ්‍රයේදී සංස්කෘතික හා පුරාවිද්‍යා උරුමයන් විදහා දැක්වෙන ප්‍රදර්ශනයකි.

පසුගිය සිකුරාදා වන විට කොළඹ නගරයේ දන්සල් 140ක් ලියාපදිංචි වී තිබුණු අතර එයින් වැඩිම ගණනක් බත් දන්සල්ය. වැඩිම දන්සල් ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇත්තේ බොරැල්ල හා නාරාහේන්පිට ප්‍රදේශවලින්ය.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් සංවිධානය කරන ‘බෞද්ධාලෝක වෙසක් කලාපය’ මෙවරත් මැයි 23 දින සිට මැයි 26 දින දක්වා තුංමුල්ල මංසන්ධියේ සිට බොරැල්ල කනත්ත වටරවුම දක්වා පැවැත්වීමට කටයුතු සැලසුම් කොට ඇත.

 

- සිළුමිණ

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us