අද ජාතික ශෝක දිනයක්

Published in පුවත්
Tuesday, 21 May 2024 08:05

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ අභාවය හේතුවෙන් අද (21) දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

රජයේ සෑම ආයතනයකට ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස උපදෙස් දී ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් යසරත්න සඳහන් කළේය.

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක පසුගිය ඉරිදා සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වුණි.

හෙලිකොප්ටර් යානයේ ගමන් ගත් ඉරාන විදේශ අමාත්‍යවරයා ඇතුළු පුද්ගලයින් 09 දෙනාම අනතුරින් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉරාන ජනාධිපතිවරයාගේ අභාවය නිමිත්තෙන් ඉරානයේ දින 05ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි පියවර ගෙන තිබේ.

ඉරාන ජනාධිපතිවරයාගේ අභාවය වෙනුවෙන් ලෝක නායකයින් රැසක් ශෝකය පළකර ඇති අතර රටවල් රැසක ශෝක දින ද ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ.

-P.M

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us