පවුල් සෞඛය සේවා අභ්‍යාසලාභීන් දහසකට පත්වීම් ලිපි

Published in පුවත්
Tuesday, 21 May 2024 08:26

පවුල් සෞඛය සේවා අභ්‍යාසලාභීන් දහසක් (1000) පුහුණුවට බදවා ගැනීමේ පත්වීම් ලිපි ප්‍රධානෝත්සවය සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින (21) අරලියගහ මන්දිරයේදී පැවැත්විය.

මෙරට මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම පත්වීම් ලිපි ප්‍රධානෝත්සවය සිදු කෙරුණි.

2015 / 2016 / 2917 යන වර්ෂවල උසස්පෙළ ඔනෑම විෂය ධාරාවකින් එක් වරකදී විෂයන් 03 සමත් අයදුම්කාරිනියන්ගෙන් අයදුම්පත් කැදවන ලද අතර ඒ සදහා සුදුසුකම් සම්පූර්ණ කරන ලද අයදුම්කාරිනියන් 2836 ක් පුහුණුව සදහා තෝරා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරන ලදී.

කණ්ඩායම් දෙකක් වශයෙන් එම පිරිස පුහුණුවට බදවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කල අතර පළමු කණ්ඩායම පුහුණු පාසල්වල පුහුණුව අවසන් කර ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිතව ඇත.

එහි දෙවන කණ්ඩායම මෙම කණ්ඩායම වන අතර මෙම අභ්‍යාසලාභීන් 1000 සෞඛ්‍ය අමාත්‍යාංශයේ පුහුණු හා පර්යේෂණ අංශය විසින් ආරම්භකරන ලද නව පුහුණු මධ්‍යස්ථාන වන ද සොයිසා කාන්තා රෝහල, නාරාහේන්පිට මහජන සෞඛ්‍ය සංකීර්ණය, කලුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය, කඩුගන්නාව ප්‍රාදේශීය සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානය, කහවත්ත මූලික රෝහල, හම්බන්තොට පැරණි දිස්ත්‍රික් මහ රෝහල, මහමෝදර පැරණි රෝහල, කුරුණෑගල පළාත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානය, අනුරාධපුර පළාත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානය, මඩකලපුව පළාත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානය යන පුහුණු මධ්‍යස්ථාන වල පුහුණු වීම් සදහා අනුයුක්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු සම්පාදනය කර ඇත.

මේවන විට රේඛීය අමාත්‍යාංශය යටතේ පවතින ආයතන වල පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියන් 1350 ක් සේවය කරන අතර පළාත් සභාව යටතේ පවතින ආයතන වල 7450 ක් සේවය කරනු ලබයි.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us