මිය යාමට පෙර ඉරාන ජනාධිපතිගෙන් මහින්දට තෑග්ගක්

Published in පුවත්
Tuesday, 21 May 2024 11:53

හෙලිකොප්ටර් අනතුරකින් මිය යාමට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මෙරටට ත්‍යාගයක් එවා තිබේ.

ඒ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීරට එවන ලද ලෝහමය විශේෂිත ත්‍යාගයයි. ‍

එය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ඇමැතිවරයාට ඊයේ (20 වැනිදා) භාරදී ඇති අතර ජනාධිපතිවරයා හෙලිකොප්ටර් අනතුරින් මියගිය බව නිල වශයෙන් ප්‍රකාශ කෙරුණු ඊයේ (20 වැනිදා) දිනයේදීම ඇමැතිවරයාට අදාළ ත්‍යාගය ලැබීම ද විශේෂත්වයකි.

ඉරාන ජනාධිපතිවරයා උමාඔය ජල විදුලි ව්‍යාපෘතිය විවෘත කිරීමට මෙරටට පැමිණි අවස්ථාවේදී, ඉරාන ජනාධිපතිවරයා ඇමැති මහින්ද අමරවීරට එරට සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ඇරයුමක් ද කර තිබේ.

ඒ අනුව, ඇමැතිවරයා පසුගියදා ඉරානයේ සංචාරයක නිරත විය. එම සංචාරයෙන් පසුව ඉරාන ජනාධිපතිවරයා විසින් ඇමැතිවරයාට ලෝහමය විශේෂිත ත්‍යාගයක් එවා තිබිණි.

එමෙන්ම, ඉරාන ජනාධිපතිවරයා මෙරටට පැමිණි අවස්ථාවේ පරිවාර ඇමැතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ ද මහින්ද අමරවීරය.

Last modified on Tuesday, 21 May 2024 13:10

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us