ජාත්‍යන්තර “තේ” දිනය යි

Published in පුවත්
Tuesday, 21 May 2024 12:16

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අද දින (මැයි 21) ජාත්‍යන්තර තේ දිනය ලෙස නම් කර තිබේ.

ඒ අනුව ගෝලීය වශයෙන් තේවල සංස්කෘතික වැදගත්කම හඳුනා ගැනීම සහ එහි තිරසාර නිෂ්පාදනය සහ පරිභෝජනය ප්‍රවර්ධනය කිරීම එහි අරමුණයි.

ශ්‍රී ලංකාව ගත් විට එම රසවත් තේ සිලෝන් ටී ලෙසින් එහි පොහොසත් උරුමය, අසමසම ගුණාත්මකභාවය සහ ගෝලීය වැදගත්කම සමරමින් අභිමානවත් ලෙස ඉදිරියෙන් සිටියි

ගෝලීය වශයෙන් වැඩිපුරම පරිභෝජනය කරන දෙවන පානය වන තේ, ග්‍රාමීය සංවර්ධනය, ආහාර සුරක්ෂිතතාව සහ සංවර්ධනය වෙමින් පවතින රටවල දරිද්‍රතාවය අඩු කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.
ඉන්දියාව, ශ්‍රී ලංකාව, නේපාලය, වියට්නාමය, ඉන්දුනීසියාව, බංග්ලාදේශය, කෙන්යාව, මලාවි, මැලේසියාව, තුර්කිය, මියන්මාරය, ඉරානය, රුවන්ඩාව උගන්ඩාව සහ ටැන්සානියාව වැනි තේ නිෂ්පාදනයේ පුරෝගාමී රටවල පවුල් මිලියන ගණනක ජීවනෝපාය තේ කර්මාන්තයයි.

ලොව පුරා Ceylon Tea හෙවත් ලංකාවේ තේ අතිශය ප්‍රචලිත අතර සංචාරකයන් අතර අප රටේ තේ පිළිබඳ උනන්දුවක් ඇති කිරීමේ අරමුණින් නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ද මේ වනවිට යෝජනා ඉදිරිපත්ය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us